මහාධිකරණ විනිසුරු ඉලංචේලියන් උසස්වීම් නොලබාම විශ්‍රාම ලබාවිද ?

Date:

දක්ෂ, එඩිතර මහාධිකරණ විනිසුරුවරයකු වශයෙන් ප්‍රසිද්ධියට පත් මානික්කවාසගම් ඉලංචේලියන් මහතා මේ මාසයේදී විශ්‍රාම යාමට නියමිතව සිටින බව වාර්තා වේ.

විත්‍යා ඝාතන නඩුව ඇතුළු ආන්දෝලනාත්මක නඩු රැසකදී විශිෂ්ඨ තීන්දු ලබාදුන් විනිසුරුවරයකු වන ඉලංචේලියන් මහතාට 2025 ජනවාරි 20 වනදාට වයස අවුරුදු 60 සම්පූර්ණ වන බව සඳහන්. මහාධිකරණ විනිසුරුවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගතයුතු අතර අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට 63 දක්වා සේවය කිරීමට අවස්ථාව ලැබේ.

මීළඟට අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත්වීම සඳහා සුදුසුකම් සපුරා සිටින ඒ මහතා රාජකාරියෙහි යෙදී සිටින අවසන් දිනය වනු ඇත්තේ ලබන සිකුරාදා (17) දිනයයි. ඒ අනුව ඒ මහතාව අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් උසස්කිරීම එදින අවසන් වීමට ප්‍රථම සිදුකළ යුතුව ඇත.

එහෙත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට චීනයෙහි නිල සංචාරයක නිරත වී සිටින අතර එම සංචාරය අවසන් වීමට නියමිතව ඇත්තේ ද 17 වනදා ය. ඉලංචේලියන් මහතාව අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත්කිරීමට නම් ජනාධිපතිවරයා විසින් ඒ සඳහා නිර්දේශයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යැවිය යුතු අතර එම සභාව රැස්වී එම නිර්දේශය අනුමත කළ යුතුය. මේ සියල්ල සඳහා ඉතිරි වී ඇත්තේ පැය 72 ක් පමණි.

මේ තත්වය තුළ මානික්කවාසගම් ඉලංචේලියන් මහතාගේ සේවය ඉදිරියටත් ලබාගැනීමේ අවස්ථාව රටට අහිමිවේද යන ප්‍රශ්නය මතුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොනාල්ට ටෙස්ට් වරම්…!

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: ඇන්ජලෝ මැතිවිස්ගේ විශ්‍රාම යාම...

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...