රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැදුනුම්පත ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ට පමණයි – ඇමති නලින්ද

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 15, කොළඹ (LNW):

කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර, එහිදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා ඇත්තේ, මෙරට සියලු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා සිය වෘත්තීයට අදාළ අංග සම්පූර්ණ නේවාසික හා කෙටි කාලීන පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධාන කිරීමට පියවර ගන්නා බවයි.

මෙහිදී , සියලු ප්‍රාදේශීය  මාධ්‍යවේදීන් වෙනුවෙන් ඉල්ලීම් 11 ක් ඇතුළත් සංදේශයක් ඔවුන් අමාත්‍යවරයා වෙත භාර දී තිබෙන අතර, ඉන් කරුණු කිහිපයකටම එම අවස්ථාවේම විසදුම් ලබාදීමට අමාත්‍යවරයාට හැකිව ඇත.

තවද, නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ, ප්‍රාදේශිය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ යෝජනා ක්‍රමයක් යළි ඇති කිරීමට අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර ඒ සඳහා විදිමත් සැලැස්මක් සකස් කරන ලෙසයි.

ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැදුනුම්පත ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ට පමණක් නිකුත් කිරීමට මෙහිදී එකඟතාව පළ වී තිබෙන අතර, සියලු මාධ්‍යවේදීන් සඳහා වෘත්තීය උපකරණ මිලදී ගැනීම සඳහා අඩු පොලී ණය මුදලක් ලබාදීමේ හැකියාව සොයා බැලීම ඇතුළු ප්‍රාදේශීය  මාධ්‍යවේදීන්‍ගේ ඉල්ලීම් රැසකට අමාත්‍යවරයා එකගතාව පළ කළ වාර්තා වේ.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, ප්‍රාදේශීය  මාධ්‍යවේදීන්ගේ ගැටලුවලට දිය හැකි සියලු විසදුම් ලබාදීමට කැප වන බවයි. කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති නිශාන්ත ප්‍රියදර්ශන ඇතුළු එම සංගමයේ නියෝජිත කණ්ඩායමක් සහ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...

ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ගැන චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉරාන - ඊශ්‍රායල සටන් විරාමය සම්බන්ධයෙන් චීනය සිය...