කතරගම ඉඩම ගැන කියන්න ගෝඨාභය රාජපක්ෂත් CID එයි!

Date:

කොළඹ LNW: හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

ඒ අනුව ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීම මේ වන විට සිදුකෙරෙමින් පවතින බව සඳහන්.

පසුගිය 03 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපර්තමෙන්තුව වෙත පැමිණ උක්ත කතරගම ඉඩමේ හිමිකාරත්වය ගැන මතුව තිබෙන ප්‍රශ්නකාරී බව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දී තිබුණි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආරක්ෂකයා වූ නෙවිල් වන්නිආරච්චිගෙන්ද උක්ත කාරණය සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් ලබාගෙන තිබුණි.

ඒ අනුව අයථා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට චෝදනා එල්ල වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා ප්‍රපංචයේ හැකියාවන් සහ නොහැකියාවන් ….

රට බංකොලොත් වෙන්ට බලපාපු එකම හේතුව දේශපාලන තන්ත්‍රය විසින්...

කීරි සම්බා හිඟයක්. ආදේශක සහල් පිටරටින් ගෙන්වීමට නිර්දේශ කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ...