*
Thursday, February 13, 2025
spot_img

Latest Posts

මනුෂගේ සහෝදරයා ඇප මත නිදහස්.මනුෂවත් CID කැඳවයි!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර ඉරෝෂන නානායක්කාර අද (17) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.

රු.ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4ක් මතයි ඔහුව නිදහස් කර ඇත්තේ.

නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂන නානායක්කාර පසුගිය දෙසැම්බර් 28 වනදා අත්අඩංගුවට පත්විය.

මේ අතර හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරද ඊයේ දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළදාම්, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමෙන් අනතුරුවයි ඔහු එම අපේක්ෂිත ඇප අයදුම්පත ඉදිරිපත් කරන ලද්දේ.

ඒ අනුව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරවද අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan