සටහන – පුලී
ජනවාරි 19, කොළඹ (LNW): ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරද්දී ධනවාදීභාවයෙන් මුහුකුරා ගිය ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන මූලික නීති රාමුවකින් එය නිර්මාණය වූවකි. එමඟින් රාජ්‍ය පාලකයන්ට අවශ්‍ය පාලන ක්‍රමය පිළිබඳව නීති රීතිවල අදහසක් ලබා දෙනු ඇත. මෙවැනි වැදගත් පද්ධතියක් තුළ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන හා නීතිමය ක්‍රියාකලාප ව්‍යවස්ථාත්මක සීමා උල්ලංඝනය කිරීමේ චෝදනාවට ලක්ව ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ ජනාධිපති ධූර කාලය තුළ සහ ඊට පසුව, ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන උල්ලංඝනය කළ බවට චෝදනා ලැබූ අයෙක් බව ලෝකයම දන්නා කරුණකි. පළමුවැන්න යුක්රේනය සමඟ ඔහුගේ ගනුදෙනුවලට සම්බන්ධ බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ කොන්ග්‍රසයට බාධා කිරීම මත කේන්ද්‍රගත විය.
දෙවැන්න 2021 ජනවාරි 6 වන දින කැපිටල් කෝලාහලයේ ඔහුගේ භූමිකාව කෙරෙහි අවධානය යොමු කරයි.
එදින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන්ගෙන් යුත් විශාල කණ්ඩායමක් වොෂිංටන් ඩී.සී. හි ඇමරිකානු කැපිටල් ගොඩනැගිල්ලට බලෙන් ඇතුළු වූයේ, 2020 ජනාධිපති මැතිවරණයේ, ඡන්ද විමසීම් වලින් ජෝ බයිඩන් ගේ ජයග්‍රහණ ප්‍රතිඵලවලට විරෝධය දැක්වීම සඳහාය. එහිදී ජීවිත 7ක් පමණ ද අහිමි වූයේ, ලේ වලින් හරි බලය ලබා ගැනීමට කෑදරව සිටින දක්ෂිණාංශිකත්වය ට්‍රම්ප් ගම්‍ය කරමිනි. ඔහු ඔහුගේ ආධාරකරුවන් උසි ගන්වා කැපිටල් ගොඩනැගිල්ල දෙසට යොමු කරන්නේ හරියට මස් කට්ටක් පෙන්වා බලු රෑනක් උසිගන්වන්නාක් මෙනි.
Fight Like Hell, and if you don’t fight like hell, you are not going to have a country anymore!
ට්‍රම්ප් උසි ගැන්වූ ඒ ආධාරකරුවන් එකිනෙකා ගොස් මරා ගන්නා ආකාරය ඔහු බැලුවේ රූපවාහිනියෙනි. එතරම් ඔහු ජනතාව වෙනුවෙන් රැකුනු නායකයෙකි.
මෙම අවස්ථා දෙකම ව්‍යවස්ථාමය සීමා මායිම් සහ ට්‍රම්ප් සිය පෞද්ගලික හෝ දේශපාලන වාසි සඳහා ඔහුගේ අධිකාරය ඉක්මවා ගියේද යන්න පිළිබඳ විවාදයන් ඇති කිරීමට සමත් විය.
මෙවැනි චෝදනා ඇමරිකාවේ ව්යවස්ථාධිපති නීති ක්රමයේ අභියෝගයන් බවට පත්විය. සිය ජනාධිපති ධූරයෙන් පසුව, ට්‍රම්ප් රහසිගත ලේඛන හැසිරවීම පිළිබඳ විමර්ශන, මැතිවරණ මැදිහත්වීම් පිළිබඳ චෝදනා සහ ඔහුගේ ව්‍යාපාරික ගනුදෙනුවල ඇති විය හැකි වංචා ඇතුළු විවිධ නීතිමය අකටයුතුකම් ගොන්නට අයිතිකරුවා වී ඇත්තේ ඉතා සාඩම්බරයකිනි. මෙම චෝදනා නොතකා, ට්‍රම්ප්ගේ වාචාල කතා සහ ඔහුගේ ක්‍රියා කලාපයේනම් කෙදිනකවත් කිසිදු මඳිපුංචිකමක් නම් නොපෙනුනි.
ඔහු නැවත නැවතත් එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර එම චෝදනා අධිකරණයට පක්ෂග්රාහී බවට ද චෝදනා කරයි, බොහෝ විට සිදු කරන විමර්ශන දේශපාලන අභිප්‍රේරණයක් ලෙස කතා ගොතා පවසයි. මෙවැනි දෑ තුළින් නීති පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු කරන මාෆියාවක්ද නිර්මාණය වනු ඇත.
ට්‍රම්ප් ට එල්ල වුණු මූලික චෝදනා අතර ව්‍යවස්ථානුකූල ආයතන තුළ නීතිය සෙල්ලමකට ගැනීම, සහ පෞද්ගලික අරමුණු වෙනුවෙන් රාජ්‍ය බලතල උපයෝගි කර ගැනීම මූලික අවස්ථා විය.
විටෙක ඔහු අවුරුදු හතරක ධුර කාලයද ලැබුණත් සෑහීමකට පත් නොවන අයෙකි. විටෙක ඔහු පැවසූයේ ඔහු අවුරුදු 4ක් ද ජනාධිපති පුටුවේ සිටින බවත් ඊට පස්සේ අපි තීරණය කරමු එය අවුරුදු 4ක් ද අවුරුදු 8ක්,12ක් ද 16ක් ද යන්න බව ය. ඔහු විහිළුවෙන් තහලුවෙන් කියන්නේ ඔහුගේ බලලෝභී සිතට එන ඇත්ත හැඟීම්ය.
මෙම වාද සහ නඩුපිටු ඇමරිකාවේ ව්යවස්ථාධිපති ක්‍රමය වඩාත් අභියෝගාත්මක වාතාවරණයකට ගෙන ගිය අතර ඇමරිකාවේ පාලන ක්‍රමය තවදුරටත් ශක්තිමත්ද? යන්න ද ප්‍රශ්නයක් මතු කරනු ඇත.