තරුශිට 52 ක් අතරින් දෙවන තැන

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 19 ,(LNW)කොළඹ :

ආසියානු මීටර් 800 සූරී තරුශි කරුණාරත්න ඇමෙරිකානු අධ්‍යාපනය සඳහා පිටත්ව ගිය එක අරමුණක ඇති මලල ක්‍රීඩා ජිවිතයෙ බලාපොරොත්තුවලට පිවිසීම අරඹමින් ඇමෙරිකාවේ ටෙනසි කේන්ද්‍ර කර ගනිමින් පැවති වැන්ඩර්බිල්ට් ආරාධිත ගෘහස්ත තරගාවලියේදී මීටර් 1000 ඉසව්වට මෙන්ම මිටර් 400 ඉසව්වටද සහභාගි වුණා.මිටර් 1000 ඉසව්වේදී තරුශිට හත්වන තැනින් සීමා වන්නට සිඳු වුණත් මීටර් 400 තරගයේදී දෙවැනි තැනට පත් වෙන්නට අවස්ථාව හිමි වුණා.

මෙම ඉසව්ව වෙනුවෙන් මූලික තරග 13 ක් පැවති අතර තරුශි සහභාගි වූයේ ඉන් කෙවන මූලික තරගයටයි. එහිදී ඇය වාර්තා කළ කාලය වූයේ තත්පර 54.51 කි.මූලික තරග 13 ට ඉදිරිපත්ව සිටි තරගකාරීත්වය දැඩි වූ මීටර් 400 ඉසව්ව නියෝජනය කළ 52 ක් අතරින් තරුශිගේ තත්පර 51.51 දෙවන තැනට පත් වුණා.වසර ආරම්භයේ වෘත්තිමය මට්ටමෙන් ක්‍රීඩාවේ නියැලෙන බොහෝ පිරිසකගේ පළමු තරග අත්දැකීම වූ මෙම තරගයේ දස්කම් අනුව මේ වසරේ තරුශිගේ දක්ෂතා වඩාත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...