අපි ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක් ගෙනාවා. රනිල්ට මෙහෙම ජාත්‍යන්තර පිළිගැනීමක් තිබ්බෙ නෑ – මන්ත්‍රී නජිත්

Date:

ඉතාම දුෂ්කර තත්වයක් යටතේ රට භාරගත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක දැවැන්ත ආයෝජනයක් මෙරටට ලබාගැනීමට සමත්වූ බවත් ඒ, විශාලතම ජනවරමකින් පත්වූ ආණ්ඩුව ලෙස තමන්ට ඇති ජාත්‍යන්තර පිළිගැනීම නිසා බවත් ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසයි.

“අද දවස ලංකාවටම සුවිශේෂී දවසක්. මං එහෙම කියන්නෙ අපේ ජනාධිපතිතුමා දෙවැනි නිල සංචාරය විදියට චීනයේ සංචාරයක නිරත වෙලා ඉන්නවා. අද දවසේ අපි අත්සන් තැබුවා චීනයේ සයිනොපැක් සමාගමත් එක්ක ඩොලර් බිලියන 3.7ක ආයෝජනයකට ලංකාව තුළ සිදුකරන. නව තෙල් පිරිපහදුවක් හම්බන්තොට ප්‍රදේශයේ හැදීම සඳහා. අපි රට බාරගත්තු තත්වය ගත්තාම ලංකාව බංකොලොත් වුණා 2022, ඊටපස්සෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලක අවුරුදු දෙකක් තිස්සේ ඇදි ඇදී යන රටක් සහ ඒ අදාළ ගිවිසුම් කොන්දේසිවලට අපි ආණ්ඩුව ගන්න කලින් ඇන ගහලා කොන්ක්‍රීට් කරපු රටක් තමයි අපි බාරගත්තෙ. අපේ ඡන්ද පොරොන්දුවල සීමාසහිතකම් හැදුණෙත් ඒකත් එක්ක. ලංකාවේ ඩොලර් අර්බුදය තියෙනවා, තව අවුරුදු දෙකකින් ණය ගෙවන්න පටන් ගන්න තියෙනවා, මෙහෙම තත්වයක් යටතේ දැනට ලංකාවේ කර්මාන්ත සඳහා ලැබුණු ලොකුම විදෙස් ආයෝජනය අත්සන් කරන්න පුළුවන් වීම දැවැන්ත ජයග්‍රහණයක් මේ රටට. මේ සංචාරය තුළත් ලංකාවට අදාළ වෙනත් ආයෝජන ගැනත් චීනයේ විශාලතම සමාගම් ප්‍රධානීන් එක්ක වෙන වෙනම සාකච්ඡා පැවැත්වුවා අද. ඒ තත්වය හැදෙන්නෙ – දැන් ජනාධිපතිතුමා ඉන්දියාවෙ ගියා, චීනෙ ගියා – ඒ සංචාරයන්වල පිළිගැනීම සහ බොහොම සෞඛ්‍ය සම්පන්න ගනුදෙනුවකට අපට යන්න ලැබෙන්නෙ මේ රටේ විශාලතම ජනතා අනුමැතියක් සහිතව ලබාගත් ආණ්ඩුව අපි. මීට කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩු කළේ ජනතාව ප්‍රතික්ෂේප කළ පාර්ලිමේන්තුවකින් පත්කරලා. එතකොට ඔහුත් එක්ක ජාත්‍යන්තරය ගනුදෙනු කරද්දී – අපි වුණත් කොයි වෙලේ වැටෙයිද දන්නැති ආණ්ඩුවක් එක්ක ගනුදෙනු කරන්නෙ නැහැනෙ”

පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා මේ බව පැවසුවේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...