ශ්‍රී ලංකා කණ්ඩායමේ වයස සාමාන්‍ය 16 යි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 18 ,(LNW)කොළඹ :

අද මැලේසියාවේදී ඇරඹෙන අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වයස සාමාන්‍ය අවුරුදු 16 ට වඩා මදක් වැඩිය.තව වසර ගණනාවක් එම වයසෙන් තරග කිරීමට හැකියාව ඇති ක්‍රීඩිකාවන් පිරිසක් ලෙස මේ වන විටත් ලෝකයේ ක්‍රීඩා කරන ලද සෑම කණ්ඩායමකටම ජය පරාජය කුමක් වුව අභියෝගයක් දිය හැකි මට්ටමේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මේ ලෝක කුසලානය නියෝජනය කරන කණ්ඩායම් අතර ලාබාලතම නියෝජනයක් සහිත කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකිය.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආශිර්වාදය ඇතුව මේ කාන්තා ක්‍රිකට් ගොස් තිබෙන දුර ගැන පැහැදිළි අවබෝධයක් ලබා ගත හැකි පරිදි මේ කණ්ඩායමට ත්‍රීකුණාමලයෙන්,අම්පාර උහනෙන් මෙන්ම මොණරාගලින් වැනි පළාත්වලින් ක්‍රීඩිකාවන් රොඳ බැඳ ඇත.කොළඹ පාසල් නියෝජනයන් ලෙස මේ කණ්ඩායමේ දකින්න ලැබෙන්නේ නායිකා මනුදි නානායක්කාර සහ දැහැමි සෙනෙත්මා පමණි.


මේ කණ්ඩායමේ සිටින ශෂිනි ගිම්හානි 16 හැවිරිදි වුව ද,ඇය අවුරුදු 15 දි ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය සඳහා සුදුසුකම් ලැබුවේය.එමෙන්ම නායිකා 17 හැවිරිදි මනුදි නානායක්කාර මෙන්ම උප නායිකා රශ්මිකා සෙව්වන්දි ද ජාතික කණ්ඩායමට මේ මොහොතේ හෝ කැඳවිය හැකි මට්ටමට විශ්වාසය තැබිය හැකි ක්‍රීඩිකාවන් බව සිය ක්‍රීඩා රටාවෙන් ඔප්පු කරමින් සිටිති.
ඉන්දියාව,බටහිර ඉන්දීය කොදෙව් සහ සත්කාරක මැලේසියාව සමඟ තරගාවලියේ මූලික වටයේදී ඒ කාණ්ඩයෙන් තරග වඳින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරග වැදීම අරඹන්නේ හෙට,ජනවාරි 19 වන දා සත්කාරක මැලේසියාවට එරෙහිව තරග වඳිමින්ය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...