රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ (LNW):
ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා දීර්ඝ කෙරුණ බව සඳහන් වේ.
මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව මෙසේ දීර්ඝ කර ඇති බව වාර්තා වේ.
මෙමඟින් චීන යුවාන් බිලියන 10ක එනම් ඇමෙරිකා ඩොලර් බිලියන 1.4ක මුදල් හුවමාරු පහසුකම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මූල්‍ය සහයෝගීතාව නිරූපණය වේ.
මෙරට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබූ බව පැවසේ.