බස් අනතුරක්:14 දෙනෙකුට තුවාල

රෂිකා හෙන්නායක ජනවාරි 20 කොළඹ (LNW):

සේරුනුවර කන්තලේ මාර්ගයේ කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට දී සිදුවූ අනතුරකින් 14 දෙනෙකු තුවාල ලබා ඇත .

කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටී පෙරළී ගොස් තිබේ.

පොලීසිය පවසන්නේ. එම ප්‍රදේශයට දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ඇති බවයි .

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 49 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ බස් රථයේ රියදුරු / සහායක ඇතුළු 14 දෙනෙකු ප්‍රතිකාර සඳහා සේරු නුවර රෝහලට ඇතුළත් කෙරුණ අතර , පසුව රියදුරු සහ මගීන් 9 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය මහ රෝහලට මාරුකර යවා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට FAO සහයෝගය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...