ගුවන් හමුදාපති ගෝල්ෆ් සූරතාවය ලක්මාල්ට සහ ප්‍රවීණාට – ඊගලස් සූරතාවය ක්‍රෂාන්තට සහ ලක්ෂ්මී ට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 21, (LNW)කොළඹ :

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් විසින් 12 වන වරටත් සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සඳහා සම්මාන ප‍්‍රධානෝත්සවය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ඒයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන්, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ සහභාගීත්වයෙන් චිනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හී දී පවත්වන ලදි.

මෙහිදි විවෘත තරග අංශයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගුවන් හමුදාධිපති කුසලානය වෙනුවෙන් ද ත‍්‍රිවිධ හමුදා කි‍ඩක ක‍්‍රීඩිකාවන් ඊගල්ස් අභියෝගතා කුසලානය වෙනුවෙන් තරග වැදුණු අතර මෙම තරගාවළිය සදහා දෙස් විදෙස් ගෝල්ෆ් ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් 120 කට අධික පිරිසක් සහභාගි විය.

මෙවර ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ පිරිමි ශුරතාවය විශ්‍රාමික විංග් කමාන්ඩර් ලක්මාල් ගුණවර්ධන විසින් දිනාගත් අතර, කාන්තා ශුරතාවය ප්‍රවීණා දුණුවිල විසින් දිනා ගන්නා ලදි. ඊගල්ස් අභියෝගතා කුසලානය ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ ගෲප් කැප්ටන් ක්‍රිශාන්ත ප්‍රනාන්දු විසින් දිනාගත් අතර, කාන්තා ශුරතාවය විංග් කමාන්ඩර් ලක්ෂ්මි කොටුවේගෙදර විසින් දිනා ගන්නා ලදි.

ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළිය සඳහා මෙවරද ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් ආයතනය විසින් ප‍්‍රධාන අනුග‍්‍රාහක දායකත්වය සපයනු ලැබීය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...