පොල් කර්මාන්ත මණ්ඩලයෙන් අනතුරු ඇඟවීම්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ (LNW):

පොල් ගෙඩි මිලියන 200ක් ඉදිරි මාස කිහිපය ඇතුළත ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය කියා සිටී.

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමි වනු ඇති බව , එහි සභාපති ජයන්ත සමරකොන් මහතා සඳහන් කළේය.

ඊයේ (21)දින ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

පොල් පොහොර කිලෝ 50ක ඇසුරුමක් රු 1,500 සිට රුපියල් 12,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බැවින් පොල් වගාවට පොල් පොහොර දැමීම සිදුකරන්නේ වගාකරුවන් සියයට 10කට අඩු සංඛ්‍යාවක් බවද එය පොල් හිඟයට ප්‍රධානත්ම හේතුව බවත් ඔහු පැවසීය.

මෙයට විසඳුමක් ලෙස කිලෝ 50ක පොල් පොහොර බෑගයක් අවම වශයෙන් රුපියල් 4,000ක මිලකට ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව පැවසූ සභාපතිවරයා එළැඹෙන අයවැයෙන් පොල් පොහොර මිල අඩු කිරීමට නියමිත බව ද වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයෙන් මන්ත්‍රීලා ගන්නේ අත උස්සන්න විතරයි. තීන්දු ගන්න බලයක් දෙන්නෑ. 69 ලක්ෂය වගේ තමා – ඇමති ප්‍රසන්න

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සම්බන්ධ...

විදේශ සංචාර චෝදනා ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

2023 සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ...

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...