පුද්ගලයන් ලක්ෂයකට පමණ ප්‍රවාහන පහසුකම් සැලසෙන කුරින්චර්කර්නි පාලමේ ඉදිකිරීම් යළි ඇරඹේ!

කොළඹ LNW:ත්‍රිකුණාමලය කින්නියා හි පුද්ගලයන් ලක්ෂයකට පමණ ගමනාගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්චර්කර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.

මුදල්,ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම ඉදිකිරීම් කටයුතු සඳහා ඇ.ඩො.මිලියන 10.5ක මුදලක් වෙන් කර ඇති බවයි.

පේරාදෙණිය බදුල්ල චෙන්කලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි මුදල් උක්ත ව්‍යාපෘතියට යෙදවීමටයි රජය කටයුතු යොදා ඇත්තේ.

ඒ සඳහා වන සංශෝධිත ගිවිසුමද මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ සෞදි සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂ (නීති) අබ්දුල්මොසෙන් ඒ අල්මුද්ලා යන මහත්වරුන් විසින් අත්සන් තබා ඇත.

එම සංශෝධිත ගිවිසුම මඟින් පේරාදෙණිය බදුල්ල චෙන්කලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉතිරි මුදල් මාර්ග ජාල සංවර්ධන ව්‍යාපෘතිය වෙත මාරු කිරීමට අපේක්ෂිතයි.

ඒ අනුව එම මුදල් කුරින්චර්කර්නි පාලමේ ඉදිකිරීම් වෙනුවෙන් වෙන්කරනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...