හිටපු ඇමති මනූෂට ඇප අයදුම්පත්‍රයක් නිකුත් කරන ලෙස ඉල්ලූ පෙත්සමට සිදු වූ දේ!

Date:

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අත්අඩංගුවට ගැනීම සදහා කරුණු අනාවරණය නොවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වීමත් සමග, හිටපු අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත්‍රය ඉවත් කරගැනීමට නීතීඥයින් කටයතු කළ බව පැවසේ.

මනුෂ නානායක්කාර වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ඇතුළු නීතීඥ මණ්ඩලයක් විසින් අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් කොළඹ ප්‍රධාන මහේස්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ අතර පසුගිය 20 වැනිදා එය සලකා බලනු ලැබුවේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට කරුණු අනාවරණය නොවන බවය. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබූ අතර ඊයේ දිනයේදී හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් පැය හයක ප්‍රකාශයක් ලබාදුන් බව වාර්තා විය.

අපේක්ෂිත ඇප අයදුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් වන පෙත්සම අද දිනයේදී යළිත් සලකා බැලූ අතර පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් පරීක්ෂණවල වර්ධනයන් ගැන විමසා සිට ඇති අතර , හිටපු අමාත්‍යවරය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණයක් ක්‍රියාත්මක නොවන බව සදහන් කිරීම නිසා අපේක්ෂිත ඇප අයදුම්පත්‍ර පෙත්සම ඉවත් කරගැනීමට නීතීඥින් කටයතු කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...

” සාගර බන්ධු ” විසින් ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් මෙරටට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) පස්වරුවේ...

ජනාධිපති මහනුවරට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා තත්ත්වය සහ ජනතාවට සහන සැලසීම...

තැන තැන හමුවන අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : නාවික හමුදා නිලධාරින්...