2029දී අපේ කාන්තාවෝ නාමල්ව ජනාධිපති කරනවා!

Date:

කොළඹ LNW:2029 ජනාධිපතිවරණ ජන්ද විමසීමේදී නාමල් රාජපක්ෂ මහතාව ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමට කාන්තාවන් සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රංගන ශිල්පිනි රුවන්ති මංගලා මහත්මිය පවසයි.

නිවෙස්වල පැවැත්වෙන සාකච්ජාවලදී කාන්තාවන් එලෙස පවසන බවයි ඇය සඳහන් කරන්නේ.

ගියවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කාලය ප්‍රමාණවත් නොවුණු බවද ඇය කියාසිටියි.

කාලය ප්‍රමාණවත් නොවීම නිසා බොහෝ තැන්වලට යාමටද නොහැකි වූ බවයි ඇය කියාසිටින්නේ.

එමෙන්ම කාලය ප්‍රමාණවත් නොවීම නිසා ඇතැම් කාන්තාවන්ට ජන්දය දැමීමටද නොහැකි වී තිබෙන බව ඇය පවසයි.

”ගියපාර එකවර ජන්දයක් ආවා. කාන්තාවන්ට හිතාගන්න බැරිවුණා කවුද ඉදිරිපත්වෙන්නේ කියල හොයාගන්නත් බැරිවුණා. ගොඩක් තැන්වලට අපිට යන්න අවස්ථාව ලැබුණේ නැහැ මැතිවරණ වෙලාවේදී. අයියෝ ඇයි අපේ පැත්තට ආවේ නැත්තේ අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්ක ඉන්නේ. අපි අතරමං වෙලා හිටියේ කාටද අපි මේ ජන්දය මේ පාර භාවිතා කරන්නේ කියල කිව්වේ. සමහර අපේ කාන්තාවෝ ජන්දය දාන්න ගියෙත් නැහැ. මොකද ජන්දය ආවේ ඉක්මණින්. ඒගොල්ලන්ට ඒ අවස්ථාව අහිමිවුණා.” යනුවෙන් ඇය සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචාර චෝදනා ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

2023 සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ...

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...