*
Wednesday, January 22, 2025
spot_img

Latest Posts

ඇමරිකාවේ ජනපති ට්‍රම්ප් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් වඩා අපට විශ්වාසයි – මීට “මව්වරුන්ගේ පෙරමුණ”

සංස්කාරක (LGBTIQ)

ජනවාරි 22, කොළඹ (LNW): වැඩිහිටියන් අතර ස්වකැමැත්තෙන් සිදුවන සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් විශේෂ නිගමනය (special determination) පවා අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකාවේ වෙසෙන ඉවැන්ජලික ක්‍රිස්තියානු කණ්ඩායමක් විසින් ඉකුත් වර්ෂයේ ජූලි මස 22 වන දින කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවයක් දියත් කිරීමට කටයුතුකළ අයුරු පිළිබඳව LNW අපි ඔබට කරුණු හෙළි කළෙමු.

දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 80 දශකයේ ශ්‍රී ලංකාවේ අතුරුදන් වූ දරුවන්ගේ මව්වරුන් වෙනුවෙන් “මව්වරුන්ගේ පෙරමුණ” නමින් දියත්කළ ව්‍යාපාරය අනුකරණය කරමින් එම සන්නාමය ම භාවිතා කරමින් ආගමික සංවර්තිතය (religious conversion) උදෙසා පුද්ගලයන් බඳවා ගැනීම මෙම ඉවැන්ජලික කණ්ඩායමේ අරමුණ බව ද අපි ඔබට අනාවරණය කළෙමු. 

එමෙන්ම, සමරිසි අයිතිවාසිකම්වලට විරෝධී ඇමරිකානු ඉවැන්ජලික ජාලයක් විසින් මෙම ව්‍යාපාරයට මූල්‍යාධාර ලැබෙන බව ද අපි ඔබට අනාවරණය කළෙමු. 

මෙම ව්‍යාපාරය විසින්  කාන්තාවන් සහ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට එරෙහි වෛරී ව්‍යාපාරයක් රැගෙන යන අතර, මෙම වෛරී ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ එවන් වෛරී ව්‍යාපාරවලට කතෝලික සභාවේ ද විරෝධය එල්ල වී තිබෙන පසුබිමක ය. 

සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කරන මෙන් යෝජනාවක් ගෙන එන ලද්දේ, ඉකුත් රජය පැවති සමයේ හිටපු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේම්නාත් දොළවත්ත විසින්වන අතර, මෙම යෝජනාව අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සැලකිල්ලට ගනිමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනයකර සිටියේ, පෙත්සම්කරුවන් විසින් තර්කකළ පරිදි සමරිසි ලිංගික සබඳතා නිර්සාපාරාධීකරණය කිරීමෙන් ළමා අපයෝජනය ප්‍රවර්ධනය වීමක්, එච්අයිවී වැනි ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තියේ වර්ධනයක් හෝ වෙනත් සෘණාත්මක සමාජීය බලපෑමක් සිදුනොවන බවත්, වැඩිහිටියන් අතර ස්වකැමැත්තෙන් සිදුවන සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන බවත්, එබැවින් එවන් යෝජනාවක් පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මතකොට නීතියක් බවට බලාත්මකකළ හැකි බවත් ය. 

මීට ටික කලකට ඉහත එක්සත් ජනපදයේ දේශපාලන අධිකාරියේ දැවැන්ත රිපබ්ලිකානු පෙරළියක් සිදු වූ අතර, නැවත වරක් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට දින දෙකකට ඉහත (ජනවාරි 20) ධුරයේ දිව්රුම් දෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදුකළේය. 

එක්සත් ජනපද රජය විසින් මින් මත්තට හඳුනාගනු ලබන්නේ “ස්ත්‍රී” හා “පුරුෂ” යන සමාජභාවයන් (Gender) දෙක පමණක් බවත්, ඊට අයත් නොවන සියලු අනන්‍යතා “සමාජීය වශයෙන් ඉදිකරන ලද ජනවාර්ගිකත්වයක්” (socially engineered race) බවත් ඔහු එදින ප්‍රකාශකළ අතර, මෙය දැවැන්ත ජනතා අවධානයක් දිනා ගැනීමට සමත් වූ ප්‍රකාශයක් විය.

මෙම ප්‍රකාශය අනුමත කරමින් හා ඊට ප්‍රසාදය පළකරමින් “මව්වරුන්ගේ පෙරමුණ” නමින් පෙනී සිටින ව්‍යාපාරය ඊයේ (21) දින ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවට එරෙහිව උද්ඝෝෂණයක නියැලෙනු දක්නට ලැබිණි.

ඔවුන් රැගත් සටන්පාඨ සමහරක් පහත පරිදි වේ. 

  • We congratulate President Donald Trump, who is our champion for pro-life and defending nations from destructive WOKE / LGBTQ Agenda
  • March of Support & March of Life for President Donald Trump’s Pro-Life and Anti-LGBTQ / WOKE Policy
  • No LGBTQ pre-conditions for loans
  • LGBTQ විකෘති ලිංගික වෛරසය ලෝකයෙන් තුරන් කිරීමට ජනාධිපති Donald Trump ගන්නා ක්‍රියාමාර්ගවලට මව්වරුන්ගේ සහාය ලබා දෙමු.
  • God Bless Trump – U Call Yourself Gay or Cis or Queer or whatever, but no more government funds to public or schools
  • IMF ණය වාරිකය ලබා ගැනීමට LGBTQ පනත සම්මත කිරීමට පැනවූ IMF / World Bank එකට බල කරන ලෙස ජනාධිපති Donald Trump මහතාගෙන් ඉල්ලා සිටිමු.
  • Clean Sri Lanka from all LGBTQ+ Save our society and children from the mentally ill LGBTQ+ psychiatric sexual predators

මෙම සටන්පාඨවලින් පෙනී යන්නේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නිගමනයට වඩා ඔවුනට එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රතිපත්තීන් විශ්වාස බව ය. 

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පදවි ප්‍රාප්තිය සිදුවීමට පෙර පටන් ම මෙම ව්‍යාපාරය විසින් තම සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවට එරෙහි වෛරය ව්‍යාප්ත කරන ප්‍රචාරණයන් රැසක් සිදුකළ අතර, විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් මෙරට අධිකරණයන් විසින් ලබා දී තිබෙන නඩු තීන්දු පවා අභියෝගයට ලක්වන අන්දමින් ඔවුන් ගේ තර්ක පෙළගැස්වී තිබේ.

විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ විසින් මෑතකාලයේ ලබා දී තිබෙන නඩු තීන්දු මොනවාද?

  1. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ක්‍රියාත්මක වූ නඩුව (2021): සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සමාජයේ වැරදිකරුවන් ලෙස හැඳින්වීමෙන් වැළකී සිටින ලෙසත්, සෑම සමාජභාවයකට ම ගරුත්වයක් තිබිය යුතු බවත්, “පිරිමි වෙස් ගත් ගැහැණු” හෝ “ගැහැණු වෙස්ගත් පිරිමි” යැයි සමාජ කොටසක් නොමැති බව කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අධිකරණයේ දී ප්‍රකාශ කර සිටියේය.
  2. “සමලිංගිකත්වය” නම් චෝදනාවක් මත පුරුෂයන් තිදෙනෙකුට එරෙහිව නාරාහෙන්පිට පොලීසිය විසින් ගොනුකළ නඩුව (2021): සමරිසි පුරුෂයන් තිදෙනෙකුට එරෙහිව පැවරූ නඩුවක් විභාගයට නොගෙන ඉවත දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය. මෙම පුද්ගලයන් තිදෙනා ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා අදහස් නොකරන බව පොලීසියට කළ දැනුම් දීමකට අනුවයි එසේ ඉවත දමා තිබෙන්නේ.
  3. සමරිසි කාන්තාවක බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම හා ඈ සම්බන්ධයෙන් ඇගේ දෙමාපියන් හා මහබාගේ පොලීසිය විසින් ගොනුකළ නඩුව (2022): සමරිසි වීම මානසික රෝගයක් හෝ අපරාධ වරදක් නොවන බවට නිගමනය කරමින් වින්දිත කාන්තාවට ඇගේ සමරිසිභාවයට එරෙහිව පොලීසිය විසින් පැවරූ නඩුව වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නිශ්ප්‍රභා කළේය. 
  4. දොළවත්තගේ මන්ත්‍රී යෝජනාවට එරෙහිව ගොනු වූ මූලික අයිතිවාසිකම් පෙත්සම (2023): සමරිසි ලිංගික සබඳතා නිර්සාපාරාධීකරණය කිරීමෙන් ළමා අපයෝජනය ප්‍රවර්ධනය වීමක්, එච්අයිවී වැනි ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තියේ වර්ධනයක් හෝ වෙනත් සෘණාත්මක සමාජීය බලපෑමක් සිදුනොවන අතර, වැඩිහිටියන් අතර ස්වකැමැත්තෙන් සිදුවන සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන අතර, එබැවින් එවන් යෝජනාවක් පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මතකොට නීතියක් බවට බලාත්මකකළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළේය.

ගතවූ කාලසීමාව තුළ, ශ්‍රී ලංකාවේ ඉවැන්ජලික ක්‍රිස්තියානු කණ්ඩායම් විසින්, මෙරට ආගමික සහ සමාජීය සංහිඳියාවට බරපතල අන්දමින් තර්ජනයක් එල්ලවන ආකාරයේ ක්‍රියාකාරකම් ආරම්භකොට ඇති බවක් නිරීක්ෂණයකළ හැකිය. මොවුන්ගේ මෙම වෛරී ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ බැඳි ප්‍රඥප්ති උල්ලංඝනය කරමින් පමණක් නොව අධිකරණ තීන්දු පවා අභියෝගයට ලක්කරමිනි.

මොවුන්ගේ සටන් පාඨවලික් සමලිංගිකයන්, සංක්‍රාන්ති ලිංගිකයන්, විකෘතිකාමීන්, ළමා අපයෝජකයන්ගෙන් දරුවන් බේරාගැනීම සඳහා ජනතාව පෙළගැසිය යුතු බව යෝජනාකර සිටින අතර, විශේෂයෙන්ම එවන් ප්‍රජාවන්ගේ ගැටළු පිළිබඳ එතරම් අවබෝධයක් නොමැති අනෙකුත් ආගම්වල පුද්ගලයන්ගේ අවධානය දිනා ගැනීම සඳහා මොවුන් විසින් මෙම ව්‍යාපාරය දියත්කර ඇත.

ඒ තුළින් ජන මතය මුළා කොට සිය ආගමට පුද්ගලයන් බඳවා ගැනීමේ අලෙවිකරණ වැඩපිළිවෙලක් දියත් කිරීමට මෙකී කණ්ඩායම් විසින් කටයුතු කර තිබේ.

මෙම ව්‍යාපාරයේ සභාපතිනිය ලෙස කටයුතුකරන ශානුකා ඉලංගසේකර නැමැත්තිය, විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව ඉලක්ක කරමින් දියත්කරන ව්‍යාපාරය සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ පිරිස් බලය ඒකරාශීකර ගත්තේ පහත පරිදි ය.

ශානුකා ඉලංගසේකර නැමැත්තිය, ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ශක්තිමත් කිරීම සඳහා පිහිටුවා ගන්නා ලද Israel Sri Lanka Solidarity Movement (ISSOM) නම් සංවිධානයේ සභාපතිනිය ලෙස ද කටයුතුකර ඇති අතර, ඊශ්‍රායලය යනු ලොව පවතින සමරිසි හිතකාමී ම රටක්වන බවත්, සමරිසි යුවලයන්ට දරුවන් හදාවඩා ගැනීමට පවා නීත්‍යානුකූල අවසරය ලබා දී ඇති ගල්ෆ් කලාපයේ පවතින එකම රට බව ඈ දැන නොසිටියා ද යන්න අප දන්නේ නැත.

ආන්තීකරණයට ලක්වන ජන කණ්ඩායම් සම්බන්ධයෙන් පවතින සංවාදය දේශපාලනීකරණය කිරීමට, ඒ පිළිබඳ සුබවාදී හෝ අසුබවාදී මතයක් දැරීමට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් තුළ ඕනෑම පුරවැසියකුට අයිතියක් පවතී. මෙරට පවතින ජනවාර්ගික ගැටළුව සම්බන්ධයෙන් ජනතාව අතර මත ගැටුමක් පවතින්නේ ද මෙම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නිසා ය. එමෙන්ම සමාජීය ලක්ෂණයක් සම්බන්ධයෙන් ලබා දී තිබෙන විද්‍යාත්මක පැහැදිලි කිරීම් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේපකර සිටීමට ද ඕනෑම පුද්ගලයකුට අයිතියක් ඇත.

නමුත් සමාජයේ පවතින යම් සංවේදී කරුණක් පිළිබඳව ගරු අධිකරණය දරන මතය පවා අභියෝගයට ලක්කරමින් ඊට පටහැනි ලෙස මතවාදයක් ගොඩනඟමින් ඒ වටා ජනතාව ඒකරාශීකර ගැනීමට තරම් යම් පිරිසක් නිර්භය වනවා නම්, ඔවුන් පසුපස ක්‍රියාත්මක වන බල හස්තය කුමක්ද යන්න අප විසින් ප්‍රශ්නකළ යුතුව ඇත.

කිසිවකුත් නීතියට ඉහළින් නොසිටින අතර, සෑම දෙනෙකුම නීතිය හමුවේ සමාන විය යුතු ය.

මෙවන් ඉවැන්ජලික කණ්ඩායම් සහ රෝමානු කතෝලික සභාව අතර පවතින්නේ එකිනෙකට පරස්පර විරෝධී මතයක් බව ද සිහිපත්කර දීමට අපි කැමැත්තෙමු.

සමලිංගික හැඟීම් පවතින පුද්ගලයන් දෙවියන් වහන්සේගේ දරුවන් ය. දෙවියන් වහන්සේ ඔවුනට ආදරය කරයි. මෙවන් පුද්ගලයකු නොසළකා හැරීම පාපයකි. සමලිංගික හැඟීම් පවතින පුද්ගලයන් අපරාධකරුවන් බවට පත් කිරීම අයුක්තිසහගතයි,” (Persons with homosexual tendencies are children of God. God loves them. Condemning a person like this is a sin. Criminalising people with homosexual tendencies is an injustice.)

මෙසේ පවසන ලද්දේ ශුද්ධ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්තුමා ය.

සබැඳි ලිපි:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan