*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

අතිවිශිෂ්ට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් – ඒත් ලක්ෂ 15 ක් වූ සමරිසියන් ගැන අවසන් තීන්දුව පාර්ලිමේන්තුව අතේ?

කොළඹ (LNW): ශ්‍රී ලාංකික සමරිසි (LGBT+) පුද්ගලයන් හට හිමිවිය යුතු අයිතිවාසිකම් සහ සමානාත්මතාවය පිළිගැනීමේ ඓතිහාසික ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු, එම ප්‍රජාවේ මිලියන 1.5 ක් වූ ඡන්දදායකයෝ පාර්ලිමේන්තුව විසින් මීළඟට ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද යන්න උනන්දුවෙන් බලා සිටිති.

මෑත කාලයේ සිදුකරනු ලැබූ දීප ව්‍යාප්ත සමීක්ෂණයකට අනුව, සමීක්ෂණයට බඳුන් වූ පුද්ගලයන් ගෙන් සියයට 12 ක්ම සමරිසි (LGBT+) ප්‍රජාවට අයත් අය බවට හඳුනා ගෙන තිබේ. මෙමඟින් රටෙහි සිටින සමස්ත ජනගනයෙන් මිලියන 2.6 ක් පමණ සමරිසි (LGBT+) පුද්ගලයන් බවට නිගමනය වන අතර, ඉන් මිලියන 1.5 ක් ම ලියාපදිංචි ඡන්දදායකයන් බවට ඇස්තමේන්තුගත කර තිබේ. මෙම දත්ත, ලොව විවිධ රටවල සමරිසි (LGBT+) ජනගහනය ස්වභාවිකව බිහිවන්නේ කෙසේද යන්න පිළිබඳව සිදුකරනු ලැබූ ගෝලීය සමීක්ෂණයන් හා සැසඳේ.

ශ්‍රී ලංකාවේ සමරිසි (LGBT+) ජනගහනය, (වෙන් වෙන්ව ගණනය කළ විට) අයත්වන මුස්ලිම්, ක්‍රිස්තියානි, ශ්‍රී ලාංකික දමිළ, උඩරට දමිළ, මැලේ හා බර්ගර් ජනගහනයන්ට වඩා වැඩි වන අතර, එබැවින් ජන්ද පදනමට වඩාත් සැලකිය යුතු හා තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ලබයි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සියලු ආගම් සහ ජාතීන් අතර එම ප්‍රජාවේ නියෝජනය සමානුපාතව බෙදී ගොස් ඇති බැවින් මැතිවරණ ජයග්‍රහණවල තීරණාත්මක සාධකයක් බවට පත්විය හැකි ප්‍රධාන පාවෙන ඡන්ද පදනමක් ඔවුන් සතු වේ.

කෙසේවෙතත්, මෙම ප්‍රජාව කෙතරම් විශාල වූව ද, සමරිසි (LGBT+) ඡන්දදායකයන් දශක ගණනාවක් මුළුල්ලේ දේශපාලන සංස්ථාපිතය විසින් නොසලකා හැර දමා ඇති අතර, බොහෝ විට ඔවුන් ඉපදුණු ආකාරය මත වෙනස්කොට සැලකීම්වලට සහ නින්දාවට ලක්ව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දේශපාල පක්ෂ විසින්, සමරිසි (LGBT+) ප්‍රජාව මුහුණ දෙන ගැටළු සහ ඔවුන්ගේ ඡන්ද පදනම වැඩි වශයෙන් හඳුනා ගෙන තිබෙන බවට නිරීක්ෂණය කළ හැකිය. සමඟි ජන බලවේගය (SJB), ජාතික ජන බලවේගය (NPP) සහ ලංකා කම්කරු කොංග්‍රසය (CWC) ආදී සියලු පක්ෂ විසින් මෙම ප්‍රජාවේ අයිතිවාසිකම්වලට සහාය දැක්වීම සහ දශක ගණනාවක් මුළුල්ලේ ඔවුන් මුහුණ පෑ ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කොට සැලකීම් අවසන් කිරීම උදෙසා සිය පක්ෂ ප්‍රතිපත්ති තීන්දු තීරණ හැඩගස්වා තිබේ.  

ඉකුත් අඟහරුවාදා දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුව ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ අන්දමේ තීන්දුවකි. මෙරට ඉහළම අධිකරණය, යෝජිත පිටු දෙකක නීතිය පිළිබඳ සරල තීරණයකින් ඔබ්බට විනිශ්චයක් ලබා දුන්නේය. පිටු 44 කින් යුත් තීන්දුව, සමරිසි (LGBT+) පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, සමානාත්මතාවය සහ අභිමානය පිළිබඳව පුළුල් ලෙස විග්‍රහ කර ඇති අතර, සමානාත්මතාවයට ඇති අයිතිය සහ වෙනස්කොට සැලකීමෙන් නිදහස් වීම සහතික කිරීම සඳහා වූ ව්‍යවස්ථාපිත වගකීම සමරිසි (LGBT+) ප්‍රජාවට ද අදාළ වන බව අවධාරණය කළේය.

ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 72.5ක් ම සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කිරීමට සහාය පළ කරයි. ඒ අනුව නීතිය වෙනස් කිරීමට බෞදධ සහ හින්දු ජනතාවගෙන් අතිමහත් බහුතරයකගේ සහාය ලැබෙයි.

ශ්‍රී ලංකාවේ අතිමහත් බහුතරයක් සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කිරීම සඳහා ප්‍රේම්නාත් දොලවත්ත මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට සහාය පළකරන බව, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ වෙස්ට්මින්ස්ටර් පදනම (Westminster Foundation for Democracy) නම් සංවිධානය විසින් දියත් කළ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් හරහා අනාවරණය වේ.

සමරිසි (LGBT+) පුද්ගලයකු ලෙස ජීවත් වන පුද්ගලයකුට දඬුවම් පැමිණවීම හෝ සාපරාධීකරණයට ලක් කිරීම සිදු නොකළ යුතු බවට, සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 72.5 ක් ම පවසයි. මෙලෙස සහාය පළ කළවුන්ගෙන් සියයට 90 කට අධික පිරිසක් බෞද්ධ හා හින්දු ප්‍රජාවන් නියෝජනය කරන අතර, බහුතර සහාය ක්‍රිස්තියානි සහ මුස්ලිම් ප්‍රජාවන්ගෙන් ද පැමිණ තිබේ.

නිර්සාපරාධීකරණයෙන් ද ඔබ්බට සමරිසි (LGBT+) පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වැඩිදියුණු කරන නීති සඳහා තම සහාය හිමිවන බව, සමීක්ෂණයට බඳුන් වූවන්ගෙන් සියයට 51.4ක් පවසා තිබේ. 

සමරිසි (LGBT+) අයිතිවාසිකම් සඳහා ව්‍යවස්ථාපිත සහතිකය ලබා දීමට ශ්‍රී ලාංකිකයන්ගෙන් තුනෙන් දෙකකගේම සහාය

සමරිසි (LGBT+) ප්‍රජාවගේ අයිතිවාසිකම් ප්‍රකාශිතවම සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයකට සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 65කගේ ම සහාය හිමිවන බව, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ වෙස්ට්මින්ස්ටර් පදනම (Westminster Foundation for Democracy) විසින් සිදුකරනු ලැබූ දීප ව්‍යාප්ත සමීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

ඒ අනුව, ශ්‍රී ලාංකිකයන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න සංඛ්‍යාවක් ම සමරිසි (LGBT+) ප්‍රජාවට සිදුවන වෙනස්කොට සැලකීම් තහනම් කිරීම සහ සමානාත්මතාවය සඳහා ඔවුනට ඇති අයිතිය සහතික කිරීම ප්‍රකාශිතවම දැක්වෙන ව්‍යවස්ථා සංශෝධනයකට සහාය පළ කරයි.

සමරිසි (LGBT+) පුද්ගලයන්ට රැකියා ස්ථානයේ, සෞඛ්‍ය සේවාවන්වලදී, නිවසේදී සහ පොදු සේවාවන් වෙත ප්‍රවිශ්ට වීමේදී වෙනස්කොට සැලකීම්වලට මුහුණ පෑමට සිදුව ඇති බව බොහෝ ශ්‍රී ලාංකිකයන් විසින් පිළිගෙන තිබේ. පොලීසිය සහ බලධාරීන් අතින් පොදුවේ ඔවුනට මුහුණ පෑමට සිදුවන කෙණහිලිකම් පිළිබඳව ද ඔවුහු අවබෝධයෙන් පසුවෙති.

සමරිසි (LGBT+) පුද්ගලයන්ට ව්‍යවස්ථාපිත ආරක්ෂාව ලබා දීමට ශ්‍රී ලාංකීය ජනතාවගේ සහාය හිමිවන්නේ, පාර්ලිමේන්තුව විසින් සමරිසි (LGBT+) පුද්ගලයන්ගේ ජීවිත නිර්සාපරාධීකරණය කිරීමට කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව නුදුරේදී ම තීරණය කිරීමට නියමිතව තිබෙන පසුබිමක ය.

සෑම ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකුගෙන් ම 01 අයකුට සමරිසි (LGBT+) මිතුරෙක් සිටියි

සමරිසි (LGBT+) පුද්ගලයන් සාපරාධීකරණය ශ්‍රී ලංකාවට සහ ආසියාවට හඳුන්වා දෙනු ලැබුවේ යටත් විජිත බටහිර විසිනි. අද වන විට, සියලු මුස්ලිම් නොවන ආසියාතික රටවල් සහ මුස්ලිම් ආසියාතික රටවල් කිහිපයක් විසින් සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කර ඇත. ඇතැම් රටවල් විසින් සමරිසි (LGBT+) පුද්ගලයන්ට ව්‍යවස්ථාපිත ආරක්ෂණ පවා හඳුන්වා දී ඇත.

පිළිගැනීම පිළිබඳ අපේම සංස්කෘතික උරුමය වෙනුවට තවමත් යටත් විජිත සදාචාර පද්ධතීන් විදහා පාන නීති වැළඳගත් හුදෙකලා රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ආසියාවේ ස්ථානගත වී තිබේ. 

ශ්‍රී ලාංකීය ජනතාව විසින් ලබා දෙන වටිනාකම් පවතින නීතීන්ට පටහැනි බව නිරීක්ෂණය කළ හැකිය. ඉහත සමීක්ෂණය හරහා, සෑම ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකුගෙන් ම 01 අයකුට සමරිසි (LGBT+) මිතුරකු සිටින බවත්, ඔවුන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් තමාට සමරිසි (LGBT+) මිතුරකු සිටීම පිළිබඳව ලැජ්ජා නොවන බවත් සොයා ගෙන තිබේ.

සංක්‍රාන්ති සමාජභාවී ජනාධිපතිවරයකුට තම ඡන්දය ප්‍රකාශ කරන බව සියයට 48 ක්ම පවසයි. වයස 30 ට අඩු පුද්ගලයන්ගෙන් සියයට 55 කට ආසන්න සංඛ්‍යාවක් ම සංක්‍රාන්ති සමාජභාවී ජනාධිපතිවරයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට කැමැත්ත පළ කරයි

තරුණ පුද්ගලයන්ගෙන් බහුතරයක් මෙන්ම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් ම සංක්‍රාන්ති සමාජභාවී ජනාධිපතිවරයකුට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට කැමති බව ද ඉහත සමීක්ෂණයෙන් සොයා ගෙන තිබේ. වත්මන් නීති පද්ධතිය සහ ශ්‍රී ලාංකිකයන් සමරිසි (LGBT+) ප්‍රජාවේ නායකත්ව හැකියාව දෙස බලන ආකාරය අතර කැපී පෙනෙන විෂමතාවයක් පවතින බව මෙයින් පෙන්නුම් කෙරේ.

නිර්සාපරාධීකරණයට රජයේ සහාය

දොලවත්ත මන්ත්‍රීවරයාගේ පනත් කෙටුම්පතට රජයේ සහාය හිමිවන බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා මෑත දිනක තහවුරු කළේය.

එසේ නම් පැණයක් ඉතිරිව පවතී -‍ සමරිසි (LGBT+) ප්‍රජාවට ජනතාවගේ කැමැත්ත හිමි වන්නේ නම්, පාර්ලිමේන්තුව ජනතාවගේ කැමැත්ත නියෝජනය කරන්නේ නම්, ඒ අනුව සමරිසි (LGBT+) පුද්ගලයන්ගේ අභිමානය සහ මනුෂ්‍යත්වය අගයමින් 21 වෙනි සියවසට පා තැබීමේ ඓතිහාසික පියවර ගැනීමට පාර්ලිමේන්තුව කටයුතු කරනු ලබන්නේ ද යන්න එම පැණයයි.

පෙර ලිපි:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan