මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර වසර 15ක්. තවමත් යුක්තිය නෑ !

සටහන – රුවන් නෙළුගොල්ල

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කර ඊයේ (24) දිනයට වසර 15ක් සපිරුණි.

2010 ජනවාරි 24 වනදා කොළඹ තදාසන්න ප්‍රදේශයකදී පැහැරගෙන යන ලද ඒ මහතා පිළිබඳව මෙතෙක් අධිකරණයක් හමුවේ සත්‍යය අනාවරණය කර යුක්තිය තහවුරු කර නොමැත.

ඒ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ඊයේ දිනයේත් නවගමුව පත්තිනි දේවාලයේදී අධිෂ්ඨාන පූජාවක් පැවැත්වූවාය. ඒ, ප්‍රගීත් එක්නැළිගොඩ මහතා සහ ඒ මහතා මෙන්ම යුක්තිය අහිමිවූ සියල්ලන් වෙනුවෙනි.

ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය මර්දනය සහ අපරාධ මුක්තිය පිළිබඳ සංකේතයක් වශයෙන් ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ ඉරණම අදටත් කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක් වශයෙන් යටගසා පවතී.