දෝහා හි ශ්‍රී ලංකා තානාපතිනි ලෙස සිතාරා ඛාන් අසාද් වැඩ භාරගනී!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ (LNW):

සිතාරා ඛාන් අසාද් මහත්මිය, කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ භාර ගෙන තිබෙන බව වාර්තා වේ. ජනවාරි 23 වනදා දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ඇය රාජකාරි භාරගනු ලැබුවේ කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙසින් තේරීපත් වූ පළමු කාන්තාව ලෙසිනි.

සිතාරා ඛාන් මහත්මිය, 1998 වසරේදී විදේශ සේවයට සම්බන්ධ වී ඇති බව සඳහන් වන අතර, මෙරට විදේශ සේවා නිලධාරිනියක ලෙස වසර 27ක සේවා අත්දැකීම් ඇති බව පැවසේ. විදේස රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ඇතුළු විවිධ අංශවල ඉහළ තනතුරු දරා ඇති ඇය, ලතින් ඇමරිකාව හා කැරිබියානු කලාපය සඳහා අතිරේක ලේකම්වරියක ලෙසද කටයුතු කර ඇත.

කටාර්හි තානාපති ධුරයට පත්වීමට පෙර, ඇය ලන්ඩන්, චෙන්නායි, දෝහා සහ ඔටාවා හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කළ අතර, එහිදී ඇය නියෝජ්‍ය මහකොමසාරිස් සහ වැඩබලන මහකොමසාරිස් ලෙස සේවය කර ඇති බව සඳහන් වේ,

ඛාන් අසාද් මහත්මිය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කලා උපාධියක් සහ ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර, කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...