ට්‍රම්ප් ග්‍රීන්ලන්තය තමාට අවශ්‍ය බවට දැඩි ස්ථාවරයක

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇමරිකාවේ සිට යුරෝපය දක්වා කෙටිම මාර්ගයේ පිහිටා ඇති ලොව විශාලතම දුපත වන ග්‍රීන්ලන්තය ඇමරිකාවට පවරා දෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඩෙන්මාර්ක අගමැති මෙට් ෆ්‍රෙඩ්රික්සන් හට දුරකථන ඇමතුමක් හරහා ප්‍රකශ කර ඇති බව වාර්තා වේ.

මේ සමබන්ධයෙන් වාර්තා කර තිබු ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අනුව, පසුගිය සතියේ ට්‍රම්ප් සමඟ විනාඩි 45ක උණුසුම් දුරකථන හුවමාරුවකදී ෆ්‍රෙඩ්රික්සන් ග්‍රීන්ලන්තය විකිනීමට නොමැති බවත්, එය එහි වැසියන්ට බවත් සිය ස්ථාවරය තහවුරු කරන විට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ග්‍රීන්ලන්ත වැසියන් ඩෙන්මාර්කය ඔවුන්ට සලකන ආකාරයට අකමැති බවත්, ඔවුන් එක්සත් ජනපදය සමඟ කටයුතු කිරීමට කැමති බවත්ය.

වර්ග සැතපුම් 836,300 (වර්ග කිලෝමීටර 2,166,007) ආක්ටික් දූපත තෙල් හා ගෑස් මෙන්ම හරිත තාක්ෂණය සඳහා විවිධ අමුද්‍රව්‍ය වලින් පොහොසත්, විශාල ඇමරිකානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් වන ග්‍රීන්ලන්තය ඇමරිකාවට උපායමාර්ගිකව වඩාත් වැදගත් වන අතර මෑත වසරවලදී, දුර්ලභ පෘථිවි ඛනිජ, යුරේනියම් සහ යකඩ සඳහා පතල් කැණීම ඇතුළු ග්‍රීන්ලන්තයේ ස්වභාවික සම්පත් කෙරෙහි වැඩි උනන්දුවක් ඇති වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Ella Weekend Express නව දුම්රිය අද සිට ධාවනයට

සටහන - රුවන් නෙළුගොල්ල දෙස් විදෙස් සංචාරකයන්ට ඉමහත් සෙත සලසමින්...

බිහිසුණු බස් අනතුරක්. එක් අයෙකු මරුට. 22 දෙනෙකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල මොනරාගල වැලියාය ප්‍රදේශයේදී අද (අගෝස්තු 16)...

අපට චීනයට විකිණිය හැක්කේ මොනවාද ?

පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක...

ලොහාන්ගේ අවසන් කටයුතු ඉරිදා මහනුවරදී

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අගෝස්තු...