යෝෂිත රාජපක්‍ෂ ගැන වැලිකඩ බන්ධනාගාරයෙන් ලැබුණු ආරංචිය!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ (LNW):

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිලදීගැනීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන රිමාඩ්භාරයට පත්කළ අතර, වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසයි.

අද (26) දින යෝෂිත රාජපක්‍ෂ මහතා එහි රැඳවීමෙන් පසුව කිසිඳු විශේෂ යමක් ඉල්ලා නොමැති බව කී දිසානයක මහතා ඔහු බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන නාමල් රාජපක්‍ෂ සහ ඩී. වී. චානක යන මහත්වරු බන්ධනාගාරයට පැමිණි තිබෙන බවද වාර්තා වේ.

බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේ, එම දෙපළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වීම නිසා බන්ධනාගාරය නිරීක්‍ෂණය කිරීම යටතේ යෝෂිත රාජපක්‍ෂ මහතා හමුවීමට කටයුතු සැළසු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...