ශ්‍රී ලංකාවේ නව පිතිකරු තරුවට අයිසීසී නැඟී එන ක්‍රිකට් ක්‍රීඩක කිරුළ

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 26 ,(LNW)කොළඹ :

අයිසීසී ය විසින් 2024 වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ කමිඳු මෙණ්ඩිස් නම් කර තිබෙනවා.කමිඳු නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කරන අතරේ වසරේ අයිසීසී ය විසින් නම් කරන ලෝක ටෙස්ට් කණ්ඩායමටද කමිඳුව නම් කර තිබෙනවා.

වනිඳු සමස්ත ක්‍රිකට් ලෝකයේම අවධානය දිනා ගත්තේ ඔහු විසින් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ වාර්තාවක් සම කිරීම නිසයි.ඒ ටෙස්ට් ඉණිම් 13 දී ලකුණු 1000 ට පිවිසෙමින් අඩුම ඉණිම ප්‍රමාණයකින් ලකුණු 1000 ට පිවිසි ක්‍රීඩකයන් අතර බ්‍රැඩ්මන් හා සම වූ නිසයි.

වමතින් පිත්ත හසුරුවන 26 හැවිරිදි කමිඳු,ගෙවුණු වසරේදී ,ශ්‍රී ලංකාව තුළදී මෙන්ම ඉන් පිටතදී ද විශිෂ්ට දස්කම් දක්වමින් ශතක පහක් සහ අර්ධ ශතක තුනක් රැස් කරන්නට සමත් වුණා.මේ දස්කම් නිසා වසරේ නැඟී එන ක්‍රීඩකයා ලෙස කමිඳුව නම් කරන අයිසීසී ය,ඔහුව හඳුන්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ නව පිතිකරු තරුව ලෙසයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...