ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධ පැමිණිලි වැඩි වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW :

2024 වර්ෂයේ ජනවාරි මස පළමුවනදා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා කාලය තුළ ලිංගික අතවර කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 580ක් ලැබී ඇති බව වාර්තා වන බවත්, බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 321ක් ලැබී ඇති බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පෙන්වා දෙයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත , 2024 වසර තුළ ළමුන් සම්බන්ධයෙන් සමස්ත පැමිණිලි 8,746ක් ලැබී ඇති බවත් , ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වන 2,746ක් ලැබී ඇත්තේ ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධ පැමිණිලි බවහ් සඳහන්ය.

තවද, ළමුන් කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,950ක් ලැබී ඇති අතර යාචකයින් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 229ක් ලැබී ඇති අතර , ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි 42ක් ලැබී ඇති බවද පැවසේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ,, ලිංගික ක්‍රියාවන් සඳහා ළමුන් යොමුකිරීම සම්බන්ධයෙන් පැමිණිලි 25ක් ලැබී ඇති බවයි.

තවද, ළමා විවාහ සම්බන්ධයෙන් පැමිණිලි 14ක් පසුගිය වර්ෂය තුළ වාර්තා වී ඇති අතර නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කිරීම පිළිබඳ පැමිණිලි 151ක් ලැබී ඇති බව වාර්තා වේ..

2024 වර්ෂය තුළ සියදිවි නසා ගැනීමට උත්සහ කිරීම සම්බන්ධ පැමිණිලි 18ක් ලැබී ඇති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම පිළිබඳ පැමිණිලි 120ක් ලැබී ඇති බවද සඳහන් වේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ, බාලවයස්කාර ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 53ක් පසුගිය වර්ෂය තුළ ලැබී ඇති අතර උප්පැන්න සහතික නොමැති ළමුන් පිළිබඳ පැමිණිලි 39ක් ලැබී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...