වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙදුන් සොයා අඛණ්ඩ මෙහෙයුම්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ (LNW):

අද (28) දිනයේදී මහනුවර දිස්ත්‍රික්කය ආවරණය කරමින් මහනුවර නගරය  සහ අවට ප්‍රදේශ ඇතුළු මාවනැල්ල,පේරාදෙණිය, ගෙලිඔය, ගම්පල, උදුපුස්සලාව, නාවලපිටිය, උලපනේ, තැන්නේ කුඹුර, කුණ්ඩසාලේ, දිගන, කඩුගන්නාව යන ප්‍රදේශ ආවරණය කරමින් වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළදුන් සොයා අතිරේක කණ්ඩායම් 05ක් ද යොදවා විශේෂ වැටලීම් ක්‍රියාත්මක කළ බව, පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එහිදී වැඩි මිලට සහල් අලෙවි කළ සමාගම් දෙකක් ඇතුළු වෙළදුන් 25 දෙනෙකු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට එම අධිකාරිය කටයුතු කර ඇත. 

පසුගිය දිනවල පමණක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සහල් වැඩි මිලට අලෙවි කල වෙළදුන් 170 කට වැඩි ප්‍රමාණයක් වැටලීම් සිදුකළ අතර, අද දිනයේදී සිදුකරන ලද නඩු පැවරීම්වල දී වැඩි මිලට සහල් අලෙවිකළ පිටකොටුව ප්‍රදේශයේ සමාගමක් වරද පිළිගැනීමෙන් පසුව  රුපියල් 750,000.00  ක දඩ මුදලක් සහ පිටකොටුව ප්‍රදේශයේ තනි පුද්ගල ව්‍යාපාර  3ක් සදහා  එක් ව්‍යාපාරිකයෙකුට රුපියල් 250,000.00 බැගින් ද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කරනු ලැබීය.

තවද මාතර  දිස්ත්‍රික්කයේ  වෙ‍ෙළඳුන් 10 දෙනෙකු අධිකරණවලට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව එක් ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂය බැගින් මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර ඇති බව පැවසේ.

ඒ අනුව පසුගිය දිනවල සහ අද දිනයේදී සිදුකරන ලද නඩු පැවරීම්වලට අදාලව පමණක් සහල් වැඩි මිලට අලෙවිකරණ ලද වෙ‍ළඳුන්ට රුපියල් මිලියන 6.5 කට අධික දඩ මුදල් අදාළ අධිකරණ මගින් නියම කර ඇති බවද සඳහන් වේ.

එම අධිකාරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූවේ , තවදුරටත් සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් සොයා විමර්ශන ක්‍රියාත්මක කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය