කන්ද නගිනකොට ජනතාවට දුෂ්කරතා විඳින්න වෙනවා. චීන්නු සර්පයෝ, ගස්වල පොතු පවා කාලා තමයි අංක එකට ආවෙ – මාලිමා TK

Date:

රට සංවර්ධනය කිරීම සඳහා යන ගමනේදී ජනතාවට දුෂ්කරතා විඳින්නට සිදුවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිට ජාතික ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් ඒ දුෂ්කරතා විඳිමින් සිටින බවත් ජාජබ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මහතා පවසයි.

“අපට ලොකු ගමනක් යන්න තියෙනවා. අපට මහ කන්දක් නගින්න තියෙනවා. අපි කන්ද පාමුලට ආවා. බොහොම අමාරුවෙන් බාධක මැද කන්ද පාමුලට ඇවිල්ලා තියෙනවා, දැන් කන්ද නගින්න ඕනෙ. ඒ කන්ද නගිනකොට වංගු ගන්න වෙනවා, හැරෙන්න වෙනවා, නැමෙන්න වෙනවා, දුෂ්කරතා මැද තමයි යන්න ඕනෙ. ඒ නිසා මෙන්න මේ කන්ද නගින්නයි කෙළින් හොඳ සීට් එකේ හොඳට වාඩිවෙලා ඉන්නයි දෙකක් කොරන්න බෑ. මේවා යනකොට දුෂ්කරතා විඳින්න වෙනවා. අද චීනය කියනවා චීනය ගොඩනැගෙනකොට කොහොමද ? සමහර වෙලාවට කිව්වා ඒ රටේ සර්පයෝ කෑවා කියලා කන්න දෙයක් නැතිව. ඒ රටේ කිව්වා ගස්වල පොතු කෑවා කියලා. එහෙම දුෂ්කරතා මැද තමයි චීනය අද ලෝකයේ අංක එකට ඇවිල්ලා තියෙන්නෙ. ලංකාවේ අපි තවම එතෙන්ට ගියෙ නෑ. අපි බොහොම ලස්සනට මේක කළමනාකරණය කරමින් මේ ජනතාවත් එක්ක බද්ධ වෙලා එනවා ගමන.

අපි මේ දුෂ්කරතා විඳිනවා. මේකෙ ආයෙ පල්ලෙහා තට්ටුව විතරක් නෙවෙයි අනුර කුමාර දිසානායක සහෝදරයාගෙ ඉඳලා මේ අපේ සියලු සහෝදරවරු එක විදියට දුක් විඳිනවා. අපි දෙන්නා පහුගිය කාලෙ අපට ගෙයක් තිබුණෙ නෑ කොළඹ යනකොට. මාදිවෙල ගෙවල් තාම හදලා නෑ. අපි ගිහිල්ලා අපේ මේ සහෝදරවරු හාමුදුරුවන්ගෙ ආශිර්වාද ඇතිව අපට මේ පන්සලක් හොයලා දුන්නා. අපි පන්සලක හිටියෙ. අපි දෙන්නා බෑග් දෙක දෙපැත්තෙ එල්ලාගෙන එහෙට මෙහෙට යනවා. එහෙම ගිහිල්ලා යන්තම් මාදිවෙල ගෙයක් හම්බුණා. දැන් අපි මාදිවෙල ඉඳගෙන යම් ස්ථාවර වෙලා තියෙනවා. අපට වාහන නෑ. මේ රටේ තියෙන තත්වය එක්ක මන්ත්‍රීවරුන්ට පුළුවන්ද ඉස්සෙල්ලාම මට දීලා ඉන්න කියන්න ? බෑ. ඒකට යම් කාලයක් ගන්නවා. අර නරක අධි වියදම් වාහන ටික විකුණලා ඒවායින් සල්ලි ටිකක් හොයාගෙන අන්න වාහනයක් හොයනකල් අපි ඉවසන්න ඕනෙ”

පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය