ලොවක් වසඟ කළ මහා සංස්කෘතික ප්‍රසංගය!

Date:

කොළඹ LNW:මෙවරත් චීන සාම්ප්‍රදායික අවුරුදු උදාව පිළිගත්තේ චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කළ අලංකාර වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගයකිනි.

1983 වසරේ සිට චීන මාධ්‍ය සමූහය සෑම වසරකම නව වසර උදා වන මොහොතේ මෙම කලාත්මක ප්‍රසංගය පවත්වන අතර එය ලොව වැඩිම පිරිසක් සජීවිව නරඹන රූපවාහිනී වැඩසටහන ලෙස ද එය වාර්තා අතරට එක් වනවා.

චීන වසන්ත උත්සවය ද්‍රව්‍යාත්මක නොවන ලෝක සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමෙන් පසු සමරන පළමු අවුරුදු සැමරුම මෙයයි. නව අවුරුදු උදාව පිළිගනිමින් මෙවර පැවැත්වුණ ප්‍රසංගය ලොව පුරා 200 කට අධික රටවල් සහ කලාපයන්හි මාධ්‍ය ආයතන 3000 කට ආසන්න සංඛ්‍යාවක් ඔස්සේ විකාශය කෙරුණා.

මෙවර වසන්ත උත්සව ප්‍රසංගයට චීන නැටුම් ගැයුම්, ඔපෙරා, සටන් කලාවන් වැනි විශේෂාංග ද එක් කර තිබුනේ චීන සංස්කෘතියේ අනන්‍ය චමත්කාරය විදහා දක්වමිනි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...

ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : කොළඹ වරායේ ආනයන...