“දියව්, දියව්, අපෙ අස්වැන්නට සාධාරණ මිලක් දියව් !” ඒ සටන් පාඨයට ඉඩදෙන්න බෑ – නියෝජ්‍ය ඇමති නාමල්

Date:

ලබන කන්නයේදීත් පොහොර සහනාධාරය ලබාදිය හැකිවන්නේ මුදල් වශයෙන්ම බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඊට හේතුවී ඇති බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“දැන් අපි වගාකරන්න පොළඹවලා, පොළඹවලා වැඩේ යනකොට ඊළඟට මොකක්ද කරන්නෙ ? අස්වනු නෙළන කාලය වෙනකොට “දියව් දියව් අපෙ අස්වැන්නට සාධාරණ මිලක් දියව්” සටන් පාඨය එනවා. ඒ සටන් පාඨයට ඉඩදෙන්න බෑ. දැන් ලබන කන්නයටත් පොහොර සඳහා සල්ලිම තමයි දෙන්න වෙන්නෙ. IMF එකේ තියෙන කොන්දේසි අනං මනං ඒවාත් එක්ක ඒ තීන්දුවටම තමයි යන්න සිද්ධ වෙලා තිබෙන්නෙ. ඉතින් ඒ නිසා දැන් තියාම බුදු අප්පච්චියේ මේකට සූදානම් වෙන්න”

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ 2025 යල කන්නයේ කෘෂිකර්ම වැඩපිළිවෙල දියත් කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...