ට්‍රම්ප් ගේ කලබල තීරණ නිසා HIV පාලනයෙන් ගිලිහෙන ලකුණු!

Date:

සටහන – පුලී
ජනවාරි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව පුරා මිලියන 30 ක ජනතාවක් සඳහා ප්‍රතිකාර ආවරණය කරන HIV විරෝධී වැඩසටහන් සඳහා අරමුදල් අත්හිටුවීමෙන් පසු ගෝලීය සෞඛ්‍ය බලධාරීහු ඊට එරෙහිව අනතුරු ඇඟවීම් කරති.

සියලුම විදේශ ආධාර සඳහා පැනවූ තාවකාලික විරාමයක් හේතුවෙන් HIV (මානව ප්‍රතිශක්ති ඌනතා වයිරස) රෝග විනිශ්චය, ඖෂධ සහ ප්‍රතිකාර සඳහා ප්‍රවේශය අඩුවීම මඟින් පුද්ගල සෞඛ්‍යයට දරුණු ප්‍රතිවිපාක ඇති කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කරයි.

විදේශීය ආධාර සඳහා පැනවූ දිගු විරාමය හේතුවෙන් “ගෝලීය වශයෙන් සෑම වසරකම මිලියන ගණනක් HIV වලින් මිය ගිය, 1980 සහ 1990 ගණන් වලට ලෝකය ආපසු ගෙන යා හැකි” බව ඔවුන් වැඩිදුරටත් පැවසීය.

2023 වන විට මිලියන 39.9 ක ජනතාවක් HIV සමඟ පොරබදමින් සිටි අතර එම වසරේ ඒඩ්ස් ආශ්‍රිත මරණ 630,000ක් පමණ වාර්තා විය. ඒසමඟම එය ගෝලීය වශයෙන් මරණවලට ප්‍රධාන හේතුවක් ලෙස ද හැඳින්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...

ශිරන්තිගේ සහෝදරයා රිමාන්ඩ් !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත්...

කැස්පියන් මුහුද වේගයෙන් හැකිලේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නේචර් සඟරාව මඟින්...

ලොව විශාලතම ආර්ථිකයන් අතර වෙළඳ යුද්ධය අවසන්ද?

රෂිකා හෙන්නායක ජූනි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය සමඟ...