ට්‍රම්ප්ගේ සංක්‍රමණික කොන්දේසි හේතුවෙන් හඬා වැලපුණු සෙලීනා!

Date:

සටහන – පුලී
ජනවාරි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉකුත් අඟහරුවාදා උදෑසන, නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම පිළිබඳ එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවේදනය සම්බන්ධයෙන් හොලිවුඩයේ තරුවක් වූ සෙලීනා ගෝමස් හඬා වැටෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කරන්නට විය.

බොහෝ දෙනෙක් ඇයට සහය පළ කළ අතර ඇතැමුන් විරුද්ධ මත දරමින් ඇයව අවුස්සන්නට විය. සෙලීනාව අවුස්සමින් ප්‍රකාශ කළ අය අතර ගායිකා Lana Del Rey ද සිටින බව දක්නට හැකි විය. ට්‍රම්ප්ගේ දේශපාලන සටන් පාඨය වන ‘ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ කරමු’ යන සටන් පාඨයට සහය දක්වන Lana Del Rey, සෙලීනාට එරෙහිව ප්‍රකාශයක් කර තිබේ.

සෙලීනා ඇගේ ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරීස් වල පළ කර තිබූ එම වීඩියෝව පසුව මකා දමන ලදී.

“ඔබ ඔබේ බෑග් පැක් කරගෙන නැවත මෙක්සිකෝවට යා යුතුයි.” ලානා මෙලෙස සෙලීනා හට පවසා තිබුණි.

දැන් මකා දැමූ විඩීයෝ පටයෙහි, සෙලීනා ප්‍රකාශ කර තිබුණේ, “මට කියන්න ඕන වුණේ මට සමාවෙන්න. මගේ සියලුම මිනිසුන්ට, ළමයින්ට පහරක් වැඳී තිබෙනවා. මට තේරෙන්නේ නැහැ. මට සමාවෙන්න, මට යමක් කරන්න තිබුණා නම් හොඳයි. නමුත් මම දන්නේ නැහැ! මම හැම දෙයක්ම උත්සාහ කරන්නම්, මම පොරොන්දු වෙනවා!” යනුවෙනි.

ඒ සමඟ ඇය, මෙක්සිකානු ධජයක් සමඟ “මට සමාවෙන්න” යනුවෙන්ද සඳහන් කර තිබුණි.

සෙලීනාගේ සංවේදීතාව අතකොලුවක් කරගත් රිපබ්ලිකානුවන් ඇයවත් පිටමන් කල යුතුය යන්නෙන් පහර එල්ල කර තිබුණි. මේ එලැඹ තිබෙන්නේ සිවිල් යුද්ධයක මූලාරම්භයේ පුපුරු ගසන කෙටි ජවනිකා විය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...