උද්ධමනය තවමත් ඍණ!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 31, කොළඹ (LNW):

2025 ජනවාරි මාසය සඳහා ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 ජනවාරි මාසය සඳහා -4.0% ක් දක්වා අඩු වී තිබෙන බවයි සඳහන් වන්නේ .එය 2024 දෙසැම්බර් මාසය සඳහා -1.7% ක් ලෙස වාර්තා වී තිබුණි.

2025 ජනවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) -2.6% දක්වා අඩු වී ඇති අතර 2024 දෙසැම්බර් මාසයේ දී එය වාර්තා වුණේ 0.8% ක් ලෙසයි.

එමෙන්ම, 2025 ජනවාරි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) -4.7% ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 දෙසැම්බර් මාසයේ දී -3.0% ක් ලෙස වාර්තා වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...