වල්බිහිවෙමින් පවතින තවත් දේශීය කර්මාන්තයක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, කොළඹ (LNW):

මේ වන විට මහියංගනය උළු කර්මාන්ත ආයතනය වල්බිහිවෙමින් පවතින බව , නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා පවසයි.

බලගල්ල මහතා වැඩිදුරටත් පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාව සිටියදී මහියංගනය උළු කම්හලේ රුපියල් ලක්ෂ 52ක විදුලි බිල් ගෙවා නැති බවයි. අදාළ රාජ්‍ය ආයතන කිහිපයකම නිලධාරීන් ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව ඇති බවද සඳහන් වේ.

1961 වසරේ දී, මහියංගනය උළු කම්හල ජර්මන් රජයේ ආධාර මත ඉදිකර තිබෙන අතර, 2012 වසරේ දී කම්හලේ සේවකයන්ට ස්වේච්ඡා වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් ඔවුන් විශ්‍රාම ගැන්වීම සිදු කළ බවද වාර්තා විය.

නැවත ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කළ ද ඉල්ලුම අඩුවීමත් සමඟ පසුගිය වසරේ දී කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු නවතා දමා තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...