*
Tuesday, February 4, 2025
spot_img

Latest Posts

ඇමරිකානු ආණ්ඩුවේ අත්පොත “ප්‍රොජෙක්ට් 2025” ද?

සටහන – පුලී
පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
  ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පදවි ප්‍රාප්තියෙන් පළමු සති දෙක තුළ විධායක නියෝග රැසකට අත්සන් කර ඇති අතර එය අන්ත දක්ෂිණාංශික ප්‍රතිපත්ති සැලැස්ම වන “ප්‍රොජෙක්ට් 2025” හි දක්වා ඇති යෝජනා මනාව පිළිබිඹු කරයි.

ට්‍රම්ප්ගේ මුල් ක්‍රියා බොහොමයක් “ප්‍රොජෙක්ට් 2025” ව්‍යාපෘතියේ සැලසුම් සමඟ සමීපව පෙලගැසී ඇති බව පෙනේ.

ට්‍රම්ප්ගේ කාර්යාලයේ පළමු සතියේ විධායක නියෝග 53 සහ ක්‍රියාවන් පිළිබඳ විශ්ලේෂණයකින් හෙළි වූයේ ඊළඟ රිපබ්ලිකන් ජනාධිපතිවරයා සඳහා වන ප්‍රොජෙක්ට් 2025 හි පිටු 922 ක සැලැස්මේ “නායකත්වය සඳහා වූ ජනවරම” තුළ දක්වා ඇති යෝජනාවලින් තුනෙන් දෙකකට වඩා එහි දී ඉස්මතු කරන බවයි.

“ප්‍රොජෙක්ට් 2025” යනු මීළඟ ජනාධිපති අනුගමනය කළයුතු මාර්ග සිතියමක් ලෙස 2023 දී හෙරිටේජ් පදනම සහ අනෙකුත් කණ්ඩායම් විසින් සකස් කරන ලද ප්‍රතිසංස්කරණයකි.

ඉකුත් මැතිවරණයේදී ට්‍රම්ප්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට ප්‍රධාන හේතුවක් ලෙස ඩිමොක්‍රටික් පාක්ෂිකයින් එය ඉස්මතු කිරීමෙන් පසුව, “ප්‍රොජෙක්ට් 2025” සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව ට්‍රම්ප් දැඩි ලෙස ප්‍රකාශ කළේය, එමෙන්ම ඔහු එහි යෝජනා පැහැදිලිව අනුගමනය කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර, එතැන් සිට ඔහු ගෙන ඇති බොහෝ පියවර ඔහුගේ ප්‍රතිපත්ති සැලැස්මේ ඇති යෝජනාවලට අනුකූල බව ද ඔහු පවසයි.

උප ජනාධිපති කමලා හැරිස්ට එරෙහිව සැප්තැම්බර් මාසයේ පැවති විවාදයේ ආරම්භක අවස්ථාවන්හිදී ට්‍රම්ප් පැවසුවේ “2025 ව්‍යාපෘතිය සමඟ මට කිසිදු සම්බන්ධයක් නැති බවකි. ඔහු එය කියවා නැති බවත්, ඔහුට එය කියවීමට අවශ්‍යත් නැති බවත්, හිතාමතාම ඔහු එය කියවන්නෙත් නැති බවත් ට්‍රම්ප් දැඩි ලෙස ප්‍රකාශ කළේය.

හොඳම කරුණනම් ඔහුගේ නොවැම්බරයේ ජයග්‍රහණයේ සිට, ප්‍රධාන රජයේ තනතුරු පුරවා ඇත්තේ ද ප්‍රොජෙක්ට් 2025 වෙනුවෙන් උදව් කළ පුද්ගලයින්ගෙන් ය.
ධවල මන්දිරයේ හි සේවය කරන ටොම් හෝමන් සහ ට්‍රම්ප්ගේ නව මධ්‍යම බුද්ධි ඒජන්සියේ අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් යන දෙදෙනා ද ඒ සඳහා දායක වූවන් ය. ට්‍රම්ප් විසින් ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාවේ සභාපති ලෙස නම් කරන ලද බ්‍රෙන්ඩන් ද ඒ අතර විය.

බලයට පත්වීමෙන් පසු ට්‍රම්ප්ගේ පළමු විධායක නියෝගයේ දී, ඔහු බයිඩ්න් ගේ විධායක නියෝග 67 ක් අවලංගු කිරීමේ නියෝගය මත එහි වූ නියෝග 15 ක් පමණ “ප්‍රොජෙක්ට් 2025” තුළ වෙන් කර තිබූවකි.

මේ අතර, ඔහුගේ කාලීන දේශසීමා ප්‍රතිපත්ති නැවත ස්ථාපිත කිරීම සහ සංක්‍රමණ සීමා බලාත්මක කිරීම ද ප්‍රොජෙක්ට් 2025 හි සමහර තැන් ඉස්මතු කෙරිණි.

එමෙන්ම ලේඛනගත නොකළ සංක්‍රමණිකයන්ට සහය වන ලාභ නොලබන මුදල් ලබා දීම් නවතා දමා දේශසීමා බලාත්මක කිරීමට සහාය වීම සඳහා හමුදාව බලමුලු ගැන්වීම ද ප්‍රොජෙක්ට් 2025 හි ගැබ් වී ඇති දෙයකි.


මෙලෙස ඔහුගේ බොහෝ ප්‍රතිපත්ති “ප්‍රොජෙක්ට් 2025” හි දක්වා ඇති ප්‍රමුඛතා සමඟ පෙළ ගැසෙන අතර, ට්‍රම්ප් ප්‍රසිද්ධියේ ප්‍රොජෙක්ට් 2025 ප්‍රතික්ෂේප කර ඇති අතර බලයට පත් වූ දා සිට ඔහුගේ එම ස්ථාවරය වෙනස් කර නැත.

ඔහුගේ පෞද්ගලික ප්‍රතිපත්ති ප්‍රකාශය ‍සහ ප්‍රෙජෙක්ට් 2025 හි යෝජනා කර ඇති දේ අතර සෑම විටම සැලකිය යුතු සම්බන්ධතාවයක් පවතින බැවින්, ඔහු එය සිදු කරන්නේ ඇඟට නොදැනීය, නමුත් ට්‍රම්ප්ට විධායක නියෝග කෙටුම්පත් සපයන කණ්ඩායම් අතර හෙරිටේජ් පදනම ද සිටි බව සමාරම්භක උත්සවයට පෙර රොයිටර් වාර්තා කර තිබුණි.
සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතා සමාජභාවී අවශ්‍යතාවක් ලෙස තවදුරටත් හඳුනා නොගැනීම, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව අහෝසි කිරීම, ගබ්සාව සීමා කිරීමට පුළුල් පියවර ගැනීම මෙන්ම මූලික බදු අනුපාතයක් යෙදීම වැනි නියෝගයන් “ප්‍රොජෙක්ට් 2025” හි වඩාත් මතභේදාත්මක පුළුල් පියවරයන් විය.

එසේම ජනාධිපති ප්‍රකාශක හැරිස් ෆීල්ඩ්ස් පැවසුවේ ද ට්‍රම්ප් “2025 ව්‍යාපෘතියට කිසිදු සම්බන්ධයක් නොමැති” බවයි. “ඔහුගේ නිල කාලයේ පළමු දින කිහිපය තුළ, ජනාධිපති ට්‍රම්ප් ඔහුට විශිෂ්ට ජනවරමක් ලබා දුන් ඇමරිකානු ජනතාව වෙනුවෙන් පොරොන්දු ඉටු කල බවත්, ෆීල්ඩ්ස් වැඩිදුරටත් පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan