උතුරේ කළු කොඩි ඔසවමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවක!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ (LNW):

අද (04) දිනයේදී උතුරු ජනතාව තැනින් තැන කළු කොඩි ඔසවා විරෝධතාවයක නිරත වූ අතර, තමන්ගේ අතුරුදන්වූ ඥාතීන් නොමැතිවීම හා උතුරේ අහිමි වූ සිය ඉඩම් නොමැතිව ඔවුන්ට නිදහසක් නොමැති බව පවසමින් උතුරු ජනතාව මෙලෙස කළු කොඩි ඔසවමින් විරෝධතා වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

තවද, යාපනය විශ්වවිද්‍යාලයේ ද කළු කොඩි ඔසවා කළු පටි පැළඳගෙන එම සිසුන් විරෝධතාවක නිරත විය. විරෝධතාවයට එක්වූ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පැවසුවේ යුද්ධය නිමාවී වසර 16ක් ගතවී ඇතත් තමන්ගේ අතුරුදන් වූ ඥාතීන් සම්බන්ධව කිසිදු තොරතුරක් නොමැති බවය, වර්තමාන පාලකයින් හරහාද අතුරුදන්වූන්ගේ ගැටළුවලට නිසි පිළිතුරක් නොලැබෙන බව පෙනී යන බවත් වර්තමාන පාලකයින්ද ජනතාව රවටමින් සිටින බවත් ඔවුන් චෝදනා කරයි.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්,ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්ද මෙම විරෝධය සඳහා සහභාගී වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසානයක් නැති වන අලි ගැටළුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : වන අලි ගැටලුවෙන්...

හෝකින්ස් වැසියන්ගේ අවසානය අතළඟ! වෙක්නා ගේ අභිලාෂය ලෝක විනාශය ද? – Stranger Things අවසන් දිගහැරුම නොවැම්බර් අග!

හෝකින්ස් වැසියන්ගේ අවසානය අතළඟ! වෙක්නා ගේ අභිලාෂය ලෝක විනාශය ද? - Stranger Things අවසන් දිගහැරුම නොවැම්බර් අග!

අදත්, මිචිගන් හි”හුණු” කොළ එකතු කරන්නෙකුගේ සිට දිවෙන වීදි කලාවේ රහ තැන් කිහිපයක්!

සටහන – පුලී නොවැම්බර් 01, කොළඹ (LNW):  මිචිගන්හි හුණු කොළ...

හිටපු කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පොප් තරුවක් සමඟ පැටලෙයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනඩාවේ හිටපු...