සාමය සහ සමඟිය ඇති ක්‍රීරීමේ ඉන්ද්‍රජාලික හැකියාවක් ක්‍රීඩාවට තිබෙනවා – ජොහාන් එලියාෂ්’

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 05,(LNW)කොළඹ :

ක්‍රීඩාව එක්සත්කම වෙනුවෙන් දිගටම සේවය කළ යුතු බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති පදවියට තරග වදින ස්වීඩන් ජාතික ජොහාන් එලියාෂ් පවසනවා.කෝටිපති ව්‍යවසායකයෙකු වන එලියාෂ් වර්ථමානයේ ජාත්‍යන්තර ස්කී සංගමයේ ප්‍රධානියාද වෙනවා.

බෙදීම් සහ ගැටුම් වලින් වැඩි වැඩියෙන් සලකුණු වන ලෝකයක, ක්‍රීඩාව එක්සත්කම සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා බලවේගයක් ලෙස දිගටම සේවය කළ යුතු බව කියන එලියාෂ්, මිනිසුන් සාමයෙන් එකට ගොනු කිරීමේ ඉන්ද්‍රජාලික හැකියාව ක්‍රීඩාවට ඇති බව පවසනවා.

ඉකුත් කාල පරිච්ඡේදයේ මිනිස් සබදතාවල අලුත් පිටුවක් පෙරලීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කටයුතු කර ඇති අතර ක්‍රීඩාවෙන් පෙරට යාමට භූමියක් නැති මිනිසුන්ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන එමින් සරණාගත ක්‍රීඩා කඳවුරු නිර්මාණය මෙන්ම,හොඳ පහසුකම් සහිත පොළවක ජීවත්වීමේ උරුමය ළඟා කර දීම වෙනුවෙන් ද ජාත්‍යන්තර ඔලිමිපික් පරිපාලනයෙන් විශාල මැදිහත්වීමක් සිඳු වීය.

නිලවරණය ආශ්‍රීතව අදහස් දක්වද්දි එලියාෂ් මූල්‍යමය සාර්ථකත්වය ළඟා කර ගැනීමට පමණක් අවධානය යොමු නොකරමින්,ගැඹුරු මානවීය ගුණාංග සුරක්ෂිත කිරීමට සහ ඒ වෙනුවෙන් ගත හැකි නව පියවර ගැන සුබවාදී බලාපොරොත්තු ඉහළ නැංවීම වැදගත්ය.

“අයිඕසී යනු අසාමාන්‍ය සන්නාමයකි“ යනුවෙන් පවසන එලියාෂ් නිවැරදි නායකත්වයක් එයට අඛණ්ඩව නොලැබුණොත් ඉතා ඉහළ සිට පහළම තැන දක්වා සීඝුයෙන් කඩා වැටීමට හැකි බවට අනතුරු කැඳවීමක් ද කර ඇත.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...