නාමල්ගෙන් ආණ්ඩුවට ස්තූතියක්!

Date:

කොළඹ LNW:ප්‍රමාද වී හෝ වී සඳහා යම් මිලක් ලබා දීම ගැන තමන් ආණ්ඩුවට ස්තූතිවන්ත වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, අද (05) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

”මම ස්තුතිවන්ත වෙනවා ආණ්ඩුවට පරක්කුවෙලා හරි වී වලට යම් මිලක් දීම ගැන. මොකද මම ඒක සාධාරණ මිලක් කියල කියන්න කැමති නැහැ. මොකද ඔබතමුන්නාන්සේලා එදා සටන් කළේ වී වලට සාධාරණ මිල වෙන්නේ 130-150 අතර මිලක් දුන්නොත් කියන කාරණය. එය ඔබතමුන්නාන්සේලාගේ සටන් පාඨය. හැබැයි අද පරක්කු වෙලා හරි 120ක මිලක් ලබාදෙන්න ඔබතමුන්නාන්සේලා කටයුතු කරලා තියෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින් නාඩු වී කිලෝව රු.120,සම්බා වී කිලෝ එකක් රු. 125 සහ කීරි සම්බා කිලෝවක් රු.132 යන මිල ගණන් යටතේ මිලදී ගැනීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...