ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අවධානය යොමු කරයි!

Date:

සටහන – පුලී
පෙබරවාරි 06, කොළඹ (LNW):
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැක්වූ මනාපය හමුවේ ජනපති අනුර කුමාර දිසානායක මහතා 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයීඩ් අල් නහ්යන්ගේ ආරාධනයෙන් 2025 පෙබරවාරි 10 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමට නියමිතය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකාවේ සංචාරයට පෙර දිනයේදී, Khaled Nasser AlAmeri විසින් ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හමුවී ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ආයෝජනය කිරීමට කැමැත්ත පළ කළේය.

මෙම සංචාරයේදී ජනපති අනුර කුමාර දිසානායක මහතා ඩුබායි හි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතනු ඇති අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපති මොහොමඩ් බින් සයීඩ් අල් නහ්යන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය. එහිදී ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටොවුම් ද හමුවීමට යෝජනා කර තිබේ.

තවද, සමුළුවට සහභාගි වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් සහ රජයන් සමඟ ද ජනපති දිසානායක මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

මෙම සංචාරය රටේ ආයෝජන අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමට සහ විවිධ ගිවිසුම්වලට එළඹීමට කදිම අවස්ථාවක් වනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බවද AlAmeri තවදුරටත් ප්‍රකාශ කළේය.

මෙම හමුවේදී අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ හයවැනි විශාලතම අපනයන වෙළෙඳපොළ වන සහ ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් සේවය කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැඩි මිත්‍රත්වයක් ඇති රටක් බවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ඇති සියලු ආකාරයේ සබඳතා ඉතා ඉහළ අගයක් ගන්නා බවත්ය.

විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සබඳතා එම මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...