යුක්රේනය තුළ රුසියාව කළේ ‘ජනසංහාරයක්’ බව කැනඩාව ඒකමතිකව පිළිගනී!

Date:

යුක්රේනය ආක්‍රමණය කිරීම හරහා රුසියාව ‘ජනසංහාරයක්’ සිදුකළ බව කැනඩාව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, ඊයේ (27) දින කැනඩාවේ නීති සම්පාදකයන් විසින් ඒකමතිකව තීරණය කරනු ලැබුවේ යුක්රේනයට එල්ල කළ ප්‍රහාර මාලාව හරහා රුසියාව ජනසංහාරයක් සිදුකළ බවයි.

මානව වර්ගයාට එරෙහිව සංවිධානාත්මක හා දැවැන්ත යුධ අපරාදයක් සිදු කිරීමට මොස්කව් කටයුතු කළ බවත්, ඊට ඕනෑ තරම් සාක්ෂි පවතින බවත් කැනේඩියානු නීති සම්පාදකයන් ඒකාබද්ධව සිදුකළ ප්‍රකාශයේ සඳහන්.

මීට අමතරව රුසියාව විසින් සිදුකරන ලද යුද අපරාධවලට සමූහ ම්ලේච්ඡ ක්‍රියා, යුක්රේන සිවිල් පුරවැසියන් හිතමාතා ඝාතනය කර දැමීමේ ක්‍රමානුකූල අවස්ථා, මළසිරුරු විනාශ කිරීම, යුක්රේන දරුවන් බලහත්කාරයෙන් මාරු කිරීම, වධහිංසා පැමිණවීම, ශාරීරික හානි, මානසික හානි හා ලිංගික අපයෝජන ඇතුළත් බවට කැනේඩියානු මන්ත්‍රී මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ සඳහන් වේ.

කැනේඩියානු නීති සම්පාදකයන් මෙලෙස රුසියාවේ ක්‍රියාකලාපය නිල වශයෙන් හෙළා දැකීමට පෙරාතුව ම එරට අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මහතා ප්‍රකාශ කර සිටියේ රුසියාවේ ක්‍රියාකලාපය ජනසංහාරයක් බවට බොහෝ පුද්ගලයන් නිර්වචනය කිරීම ඉතාම නිවැරදි බවයි.

රුසියාවේ ක්‍රියා කලාපය ජනසංහාරයක් ය යන හෙළා දැකීම පළමු වරට සිදුකරනු ලැබුවේ එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් මහතා ය.

රුසියාව තම ක්‍රියාකලාපය ජන සංහාරයක් හෝ ආක්‍රමණයක් ලෙස පිළි ගැනීමට සූදානම් නැති අතර, එය ‘විශේෂ යුධ මෙහෙයුමක්’ ලෙස නිර්වචනය කර තිබිණි. එක්සත් ජනපදය විසින් රුසියාවට දේශපාලනික වශයෙන් තර්ජන එල්ල කිරීමට යුක්රේනය යොදා ගැනීම මීට හේතුව බව රුසියාව ප්‍රකාශ කර තිබිණි.

රුසියානු ආක්‍රමණය සමඟ එරටට සම්බාධක පැනවූ විවිධ රටවල් අතරට කැනඩාව ද අයත් ය.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොරොන්දු වූ අභිචෝදක සහ එම කාර්යාලය කෝ ? කාදිනල් හිමි ප්‍රශ්න කරයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ පරිදි...

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...