නීතිපති ගෙදර යනු ! GoHomeAG විරෝධතාව අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපති පාරින්ද රණසිංහ විසින් නිර්දේශ කිරීමේ සිද්ධියට එරෙහිව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරන විරෝධතාව අද (පෙබරවාරි 06) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද දහවල් 12.00 ට කොළඹ, නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත ය.

“අපරාධකරුවන් රකින නීතිපති ගෙදර යනු !” “ලසන්තගෙ නඩුවේ සැකකරුවන් නිදහස් කළ ආකාරය හෙළිකරනු !” මැයෙන් යුතුව මෙම විරෝධතාව පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වන මෙන් යුක්තිය අපේක්ෂා කරන සියලු දෙනාට ආරාධනා කරන බවයි තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...