*
Thursday, February 6, 2025
spot_img

Latest Posts

තරුශි ගැන අවධානය දෙන්න

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 06,(LNW)කොළඹ :

මේ වන විට ඇමෙරිකාවේ ගෘහස්ථ මලල ක්‍රීඩා ඉසව් හයකට පමණ තරුශි සහභාගි වී ඇත.අපේ 2028 ඔලිම්පික් ඉලක්කයක් ලෙස තරුශි කරුණාරත්න පෙරමුණේම සිටින්නියකි.ඇය සිටින්නේ ඇමෙරිකාවේය.ඒ ඇයගේ ස්ව උත්සාහයෙන් සොයා ගත් උපාධියක් හදාරමින් ටියුලේන් සරසවියේ ය.ඇයගේ හැකියාවට දේශසීමා නොසළකා ලැබුණු එම උපාධිය සමඟ අධ්‍යාපනය සහ ක්‍රීඩාව සමබරය කරගෙන යනු ලබන තරුශි ගැන අවධානයෙන් විමසිල්ලෙන් සිටීම,2028 ඔලිම්පික් ගැන වගකීම් සහගත ක්‍රියාවක්ය.

ඇය ඇමෙරිකාවේ ගත කරන කාලයේ පළමු තරගවාරය නියෝජනය කරමින් ඇයගේ ප්‍රධාන ඉසව්ව වන මීටර් 800 මෙන්ම ඊට අවශ්‍යය වේගය වෙනුවෙන් ඇයගේ සහයක ඉසව්ව වන මීටර් 400 ට ත්,අවශ්‍යය දරාගැනීම කළමණාකරනය වෙනුවෙන් මීටර් 1000 ඉසව්වටත් සහභාගි වෙමින් ඇත.මේ වන විට මීටර් 200 ධාවන පථයක ක්‍රියාත්මක වන ගෘහස්ථ තරගවලදී තරුශි මීටර් 800 විනාඩි 2:08.09 ට සහ මීටර් 400 තත්පර 54.51 ට නිමා කරන්නට සමත් වී ඇත.පවතින දත්තවලට අනුව තරුශි මෙහිදී වාර්තා කර තිබෙන මීටර් 400 ඉසව්වේ කාලය නව ගෘහස්ථ මීටර් 400 කාන්තා වාර්තාවක්ය.සඳහන් වන ආකාරයට මීට පෙර හොඳම කාලය ලෙස වාර්තා වී ඇත්තේ දමයන්ති දර්ශා විසින් තබා ඇති තත්පර 54.61 ක දක්ෂතාවයය.එසේම මීටර් 800 ගාහස්ථ ශ්‍රී ලංකා වාර්තාව හිමිවන්නේ ටෝකියෝ ඔලිම්පික් නියෝජනය කළ නිමාලි ලියනාරච්චිටය.ඇය දක්වා ඇති දක්ෂතාවය විනාඩි 2:04.88 කි.

තරුශිගේ වැදගත්කම ඇයට තවමත් අවුරුදු 20 ක් වීමය.තවත් ඔලිම්පික් නියෝජනයන් දෙකක්නම් අනිවාර්යෙන් ඇයව ඉලක්ක කරගෙන ක්‍රියාකළ හැකි අතර එය තුනක් වීමට ද හැකිය.දර්ශා වාර්තාව තබා ඇත්තේ අයට අවුරුදු 28 ක් වෙද්දීය.නිමාලි වාර්තාව තබා ඇත්තේ ඇයට අවුරුදු 27 දි ය.මේ දත්ත ගැන අවධානය යොමු කරන්නේනම් පමණක් වුව තරුශිගේ වැදගත්කම ඉදිරියට කෙතරම් වටින්නේද යන්න සිතා ගන්නට හැකිය.

ඇත්තටම 2028 ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඉලක්කයක් ඇත්නම් මේ වන විටත් තරුශි සම්බන්ධයෙන් වන නිසි නිරීක්ෂණ වැඩ පිළිවෙලකට පිවිසිය යුතුය.ක්‍රීඩා අමාත්‍යංශයෙන්,සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සහ ජාතික ඔලිම්පික් කමිටුව සහ මලල ක්‍රීඩා සංගමය එක්ව ඇය සමඟ සමූහ වශයෙන් පවත්වන සාකච්ඡාවක යෙදීම නිරන්තරයෙන් සිඳු විය යුතුය.සුසන්තිකා වෙනුවෙන් දහම් විමලසේන බොහෝ දේ කළ බව අපි දනිමු.එය හොඳින්ම නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද දන්නේය.එවැනි පරිත්‍යාගශීලී පුද්ගලයන් මේ රජයට සොයා ගත හැකිනම් එවැනි උදව් උපකාර ද තරුශි පැත්තට හැරවිය හැකිය.
එහෙත් අවාසනාවට එවැනි වටපිටාවක් දැනට දකින්නට නැත.රුමේෂ් තරංග ට වීසා නොමැතිව එක් ක්‍රීඩා උළෙලක් මඟ හැරීම ඊට හොඳම උදාහරණය ය.ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කළමණාකරණය කරන්නට ඔවුන්ගේ තොරතුරු යාවත්කාලීන කරන්නට,සංචාර ආදිය ගැන තොරතුරු දැන ගන්නට ක්ෂණිකව අවධානය යොමු කරන්නට නිලධාරියෙක් හෝ නිලධාරිණියක් පත් කර තිබීම වැදගත්ය.කරන ලිපාගොනු රාජකාරි අතර එක් ඔලිම්පික් බලාපොරොත්තුවක් ගැන වගකීම ගැනීමට ඒ අයට අපහසුවක් නැත.ඇය හෝ ඔහු ඉතා කඩනමින් එවිට අවශ්‍යය රාජකාරි සඳහා මැදිහත් වනු ඇත.එහෙත් පෙනෙන්නට එවැන්නක් නැත.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අදහස ලෙස ඔවුන් සිටින නිසා රටේ ක්‍රීඩකයන්ට දස්කම් දැක්වීමට හැකි වි ඇත යන සංකල්පය ඉහළ සිට පහළටම වෙනස් වී ක්‍රීඩකයන්ගේ කුසලතා නිසා මෙවැනි ආයතනයක් රජය පවත්වාගෙන යන බව දැනෙන තත්ත්වයට සංකල්පමය වශයෙන් නිලධාරීන් වෙනස් විය යුතුය.මේ මානසික තත්ත්වය කවරේද යන්න ද අපට වඩා හොඳින් ලෝකයම දන්න මලල ක්‍රීඩකයෙකුව සිටියදීත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මේස වටේ පැය ගණන් කැරකෙන්නට වූ අත්දැකීම් ඇති සුගත් තිලකරත්න දන්නේය.සමහර දේවල් ඉටුවන්නට ප්‍රවෘත්ති දෙකක් තුනක් පළවෙන්නට වූ අවස්ථා ද තිබිණ.

ඒ නිසා ආකල්පමය වශයෙන් මේ ආයතනික ව්‍යහුය වෙනස් විය යුතුය.ක්‍රීඩකයා ළඟට සේවය යන ආකාරයට වැඩ සිද්ධ විය යුතුය.ක්‍රීඩකයින් අතුරුදහන් වීම වැනි කාරණා මත මේ වන විට ත්‍රිවිධ හමුදාවල ක්‍රීඩකයන්ගෙන් විදෙස් ගමන් බලපත්‍ර ආදිය ලබා ගැනීමට අපහසුතාවයක් පැන නැඟී ඇත.මේ තත්ත්වය වෙනස් කිරීමටත් ත්‍රිවිධ හමුදාවන් සමඟ සාකච්ඡා කරන්නේනම් වැදගත්ය.ඒ තත්ත්වය උද්ගතව ඇත්තේ බොහෝ විට එවැනි අතුරුදහන්වීම්වලදී හමුදාවන් මත ද පීඩනය ඇති වන නිසාය.

එසේම ඒ අතුරුදහන්වීම්වලට හේතුව දේශද්‍රෝහීකමම ද,ක්‍රීඩාව සම්බන්ධයෙන් පොළවේ ඇති දුක්බර තත්ත්වයන් ද යන්න ක්‍රීඩා අමාත්‍යංශයට තොරතුරු දැන ගැනීමට ඒ දුක හොඳින් වළදා ඇති පිට්ටනියත් එක්ක හැප්පුණ සුගත් තිලකරත්න පවසනු ඇත.ඉන්න හිතෙන තැනට ක්‍රීඩාවත් රටත් ගෙන ඒම සහ එතෙක් මේ දක්වා අතුරුදහන් වූ ක්‍රීඩකයන්ට පොදු සමාවක් දිය හැකිනම් වැදගත් ය.යම් ආකාරයකින් ආගමන විගමන නීතිය යටතේ ද එසේ අතුරුදහන් වූ පිරිස් අතින් වරදක් සිඳු වී ඇති අතර එය අමතක කර දැමීම අපහසු විය නොහැකිය.මන්ද මේ වන විටත් නිලධාරීන් විදිහට ගත් අමනෝඥ ක්‍රියා නිසා ආගමන විගමන නීති උල්ලංඝණය වී රට අපකීර්තියට පත් කර දඩ පවා ගසා තිබයදීත්,ක්‍රීඩා අමාත්‍යංශය ඔවුන්ව එම ක්‍රීඩාවේ අධික්ෂණයට යොදන්න සැළසුම් සකස් කරමින් සිටීනම් රටට පුළුවන් උපරිමය වන තෙක් දහඩිය හලපු ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක් වෙනුවෙන් එම තීරණය ගෙන ඔවුන්ගේ අත්දැකීම් රටට යොදා ගැනීම ගැන සිතීම වරදක් විය නොහැකිය.
දැන් තරුශි පටන්ගෙන ඇත.ඇය සමඟ රටද එක පෙළට ධාවන පථය මත සිටිය යුතුය.ඒ වගකීම ක්‍රීඩා අමාත්‍යංශය පවරා ගත යුතුව ඇත.තරුශි පමණක් නොව ඔලිම්පික් බලාපොරොත්තු ලෙස හඳුනාගෙන සිටින සියල්ල ගැන මීට වඩා වගකීමෙන් සිතීම සහ වැඩ ආරම්භ කිරීම 2028 තෙක් නොසිට දැන්ම පටන් ගත යුතුව ඇත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan