අහිංසා වික්‍රමතුංගගෙන් අග්‍රාමාත්‍යවරියට ලිපියක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ (LNW):

අහිංසා වික්‍රමතුංග අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට ලිපියක් යෙමු කරමින් ඉල්ලීමක් කර තිබේ.ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩු විභාගයට අදාළව රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන එන ලෙස දන්වමිනි.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ විමර්ශනයේ සැකකරුවන් ලෙස නම් කර තිබූ තුන්දෙනෙකු නිදහස් කිරීමට නීතිපති පාරින්ද රණසිංහ මහතා පසුගිය සතියේ ගත් ක්‍රියාමාර්ගය ගැන සිය කණස්සල්ල පළ කරන බව ඇය සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.මෙම තීරණය අහම්බයක් නොවන බව පසුගිය සතියේ සිදු වූ කරුණුවලින් පැහැදිලි වන බව ද ඇය දන්වා තිබේ.

2015 සිට මෙම නඩුව බැරෑරුම් ලෙස හෝ විශ්වාසදායක ලෙස විමර්ශනය කර නොමැති බව, ඇය අවධාරණය කර සිටී. යුක්තිය පසිඳලීමේ ආණ්ඩුවේ ප්‍රතිඥාව ඉටු කිරීමට ඇති එකම ක්‍රමය වන්නේ ඔහුව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඔහු ධූරයෙන් නෙරපා හැරීම බව ඇය පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද දවස වන විට ආපදාවන්හි නවතම තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පැවති අහයපත් කාලගුණික තත්ත්වය මත සිදුවූ ආපදා...

ආපදා නිසා නොනැවතුනු මත්ද්‍රව්‍ය මෙහෙයුම: ගතවූ සතියේ මත්කුඩු 70kg ක් අත්අඩංගුවට

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : සුළි කුණාටුව...

ඊසානදිග මෝසම් තත්ත්වය සක්‍රීය වේ: අද (10)කාලගුණය

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : දිවයින හරහා ඊසානදිග...

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...