සමාජ මාධ්‍ය ඔස්සේ නීතිපතිට සහ අධිකරණයට එල්ල කෙරෙන බලපෑම්වලට එරෙහිව නීතීඥයින් පිරිසක් උසාවි යන්න සූදානමින් ?

Date:

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදහස් නොකරන බවට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ දැනුම් දීමකට එරෙහිව විරෝධතාවක් ඊයේ (06) කොළඹ, නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පැවැත්වුණි.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබුණු මෙම විරෝධතාවට මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරිකයින්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

විරෝධතාකරුවන්ගේ නියෝජිතයින් පස්දෙනෙකු ලිපියක් භාරදීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් තිබුණු අතර රජයේ ජ්‍යේෂ්ඨ නීතීඥවරයකු විසින් අදාළ ලිපිය භාරගෙන තිබිණි.

විරෝධතාකරුවන්ගේ නියෝජිතයින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමේදී අදාළ රජයේ ජ්‍යේෂ්ඨ නීතීඥවරයා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් අධිකරණයට හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට කරුණු දැක්වීමට නීතිපතිවරයා බැඳී නොමැති බවයි. විරෝධතාකරුවන්ගේ නියෝජිතයින් දිගින් දිගටම මේ පීළිබඳව විමසුවත් රජයේ ජ්‍යේෂ්ඨ නීතීඥවරයා ඔවුන්ට ස්ථිරවම පවසා ඇත්තේ අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළොත් නීතිපති දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට කරුණු දැක්වීමට සූදානම් බවත් ඒ හැර වෙනත් කිසිවෙකුට කරුණු දැක්වීමට නීතිපතිවරයා බැඳී නොමැති බවත් ය.

නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවති මෙම විරෝධතා උද්ඝෝෂණයට අමතරව පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද නීතිපති පාරින්ද රණසිංහගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපයට එරෙහිව දැඩි විවේචන ඉදිරිපත්ව තිබිණි. ආන්දෝලනාත්මක නඩු විභාගවලට අදාළව අධිකරණය හමුවේ වාදයට ලක්විය යුතු සංවේදී සාක්ෂි පිළිබඳ ඒකපාර්ශ්වික අවධාරණය කිරීම් මේවා තුළ දැකගැනීමට ලැබුණු අතර එහිදී නීතිය පිළිබඳව හෝ නීතිපති දෙපාර්තමේන්තුවට අයත් කාර්යභාරය හා ඔවුන්ගේ බලතල පිළිබඳව හෝ නිසි වැටහීමකින් තොරව සිදුකළ ඇතැම් ප්‍රකාශ යුක්තිය පසිඳලීමේ අධිකරණ ක්‍රියාවලියට බාධාවක් බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් අතර ද කතාබහට ලක්ව ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

මේ අතර මෙසේ ෆේස්බුක් සහ යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් නීතිපති දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට බලපෑම් කෙරෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව නීතීඥයින් කණ්ඩායමක් අධිකරණය වෙත පැමිණිලි කිරීමට ද සූදානමින් සිටින බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්

සටහන - රුවන් නෙළුගොල්ල අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම...

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...