කුමාරවරුන් දෙසට නොහැරුණු කුමාරවරුන් කැරම්වලට දුන්න ශක්තිය

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 07,(LNW)කොළඹ :

කැරම් කියන්නෙ ජනප්‍රිය ක්‍රීඩාවක් නෙමෙයි.ඊට වඩා එය කුමාර ක්‍රීඩාවක් නෙමෙයි.චෙස්වලට පවා යම් ප්‍රභූත්වයක් දැක් වුව ද කැරම් බෝඩ් එක දිහා එහෙම බලන්න සමාජය හුරුවෙලා නැහැ.මල ගෙදරක නිදි මැරීමේ සහයකයෙක් හැටියට හුඟ දෙනෙක් දන්න කැරම් ක්‍රීඩාව ලෝකයේ දන්න පිරිස සමඟ ගත්තම ලංකාවෙ ඉන්නෙ හැබැයි කැරම් ලෝකයේ කුමාරවරු – කුමාරියන් විදිහට.
ඒ නිසාම එවැනි ක්‍රීඩාවන් ප්‍රවර්ධනයට කැප වෙන අනුග්‍රාහකයන් අඩුයි.මුදල් තියෙන අය මුදල් ගැවසෙන තැන්වලට ආයෝජනය කරන්න වැඩි කැමත්තක් දැක්වුව ද, රත්නපුර පුදේශයේ මූල්‍ය සහ රක්ෂණ කටයුතු වෘත්තීය කර ගත් නිලධාරීන්ගේ එකමුතුවක් වන FIOA කැරම් දිහා ඊට වඩා කුමාරමය දෘෂ්ඨියකින් බලලා එම ක්‍රීඩාවේ ප්‍රගතියට අවශ්‍යය වටිනා තරගාවලියක් සංවිධානය කරා.


රත්නපුර නව නගරයේ සමෘද්ධි ශාලාවේ දී පෙබරවාරි 4 වන දා පැවති එම තරගාවලියෙදි.අවස්ථාව සළසා තිබුණෙ ජාතික මට්ටමේ තරගවලදි වැඩි අවස්ථාවක් ගන්න බැරි ශ්‍රේණිගත නොවුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටයි.තවත් පරපුරකට ජාතික තලයට පිවිසීම සඳහා මඟ කියන මෙම කැරම් තරගාවලියෙ අවුරුදු 15 න් පහළ බාලක සූරතාවය දිනා ගන්නට ඩබ්ලිව්.එස්.ඩී.අමරවංශ සහ ඩබ්ලිව්.එල්.ඩී.ඩී.ලියනගේ සමත් වුහ.අනු සූරතාවයට අයි.ඩී.බෙනරගම සමඟ එස්.ඒ.පී.පුදසර සේසඳු හිමිකම් කියනු ලැබුවා.
අවුරුදු 15 න් පහළ බාලිකා සූරියන් වන්නට සමත් වූයේ කිදූෂා අමන්දි සහ වොනාදි දුලනිමා යන දෙදෙනායි.අනු සූරියන් වීමේ හැකියාව පෙන්වන්නට ඒ.ඒ.සියත්‍රා සමඟ ඒ.ඒ.සිනේත්‍රා සමත් වුණා.විවෘත අංශයේ තරග කාන්තා සහ පිරිමි ලෙස ද වෙන් නොකොට විවෘතව තැබුණු අතර එහි සූරතාවය හිමි කර ගන්නට එම්.එම්.එම්.මෂහීර් සහ කේ . ප්‍රකාශ් සමත් වූ අතර ඔවුන්ට දෙවැනි වෙමින් අනු සූරයන් වන්නට තරංග කැළුම් සහ බී.එල්.ඩී.සුරංග සමත් වුණා.


කුමාරමය සබඳතා පවත්වා ගැනීමට හැකි,මූල්‍ය කේෂ්ත්‍රෙය් දැන හැදුණුම්කම් ලොව ඉදිරියේ රටට කුමාර පෙණුමක් ඇති,රට තවම එසේ නොසළකන ක්‍රීඩාවක අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් භාවිතා කළ රත්නපුර FIOA වෙත සුහදශීලී සුබපැතුම් එක් කරන අතරේම එහි විශේෂ ඡායාරූප සටහන්ද මෙම සටහනට එක් කිරීමට අපි තීරණය කළෙමු.


http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...