*
Saturday, February 8, 2025
spot_img

Latest Posts

මාධ්‍යවේදී කසුන්ට සහ ගෝල්ෆේස් අරගලකරුවන්ට මාලිමා මන්ත්‍රීවරු දෙන්නෙක්ගෙන් නින්දිත ප්‍රතිචාර

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු පසුගිය සමයේ සිදුවූ මාධ්‍ය මර්දනයටත් අනෙකුත් අපරාධවලත් එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ දිගින් දිගටම හඬ නඟන මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙලට එරෙහිව නින්දිත මට්ටමේ ප්‍රතිචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වීමට ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු සහ මන්ත්‍රීවරියක් කටයුතු කර තිබේ.

මෙසේ කසුන් පුස්සෙවෙල පෞද්ගලිකව ඉලක්ක කරගනිමින් ඔහුට සමාජ මාධ්‍ය ඔස්සේ පහරදීමට කටයුතු කර ඇත්තේ වෛද්‍ය නජිත් ඉන්දික සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන ජාජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීන් දෙදෙනා ය.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරමින් කසුන් පුස්සෙවෙල පළ කළ ඉහත සටහනට ප්‍රතිචාර දක්වමින් නජිත් ඉන්දික මන්ත්‍රීවරයා කසුන්ට මෙන්ම 2022 ගෝල්ෆේස් අරගලකරුවන්ටත් පහර ගසමින් ලියා ඇති සටහන පහතින් දැක්වේ.

“”ආණ්ඩුව මේ දේවල් හෑල්ලු කරමින් ඉන්නවා” කියල වේගයෙන් කියන්න පුස්සවෙලට තියන තදියමට හේතුව නම් මම දන්නෙ නැහැ. මට ඒක දැනගන්න විශේෂ උවමනාවකුත් නැහැ.

නමුත් අවුරුදු ගාණක් එක තැන නැවතිලා තිබුණු ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව නැවත රීඕපන් කළේ මේ ආණ්ඩුව.

තාම ආණ්ඩුවට මාස හතරයි. 2009 ඉඳන් අවුරුදු 16 ක් යටගහල තිබුණු, සාක්ෂි පුලුවන් තරම් මකපු විමර්ශනයක් මාස හතරෙන් ඉවර කරන්න කාටවත් බැහැනෙ. දැන් නිකන් සියල්ල අවසන් වගේ තීන්දුත් දීලනෙ ඔයාල කතා කරන්නෙ.

දැන් පුස්සවෙලට අනුව, මෙච්චර කාලයක් මේ ප්‍රශ්නය කරතියාගෙන ගිය සහ මේක රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් වෙන මට්ටමට ප්‍රමුඛත්වයක් දුන්නු, ඒ වගෙම අවුරුදු 16 කට පස්සෙ මේ ගැන විමර්ශනය හරියට ආරම්භ කරන්න මුල්වුණු, ජනාධිපති අනුර දිසානායකටත්, මේ ආණ්ඩුවටත් මේ අපරාධ ගැන සාධාරණයක් විමර්ශනයක් කරන්න උවමනාවක් නැද්ද? එහෙනම් කාටද උවමනාවක් තියෙන්නෙ මේකට? ඔයාට විතරමද?
ආණ්ඩුව පත්වෙලා මාස හතරයිනෙ කසුන්. ඔයා මෙහේ නැතිවුනත් මේවට බෙල්ල දීගෙන අපි මේ රටේ ඉන්නවනෙ. මේ සිද්ද වෙන, සිද්ද කරන හැම දේකටම අපි අපේ ඇඟ දෙනවා. වගකියනව. ඒ වෙනුවෙන් වන්දියක් ගෙවන්න වෙනවනන් අනාගතේදි ඒකත් ගෙවනවා. වැරදිලා හරි මේ ජයග්‍රහණය ආපහු හැරවුනොත් අපිට පුද්ගලිකව ගෙවන්න වෙන වන්දිය හුඟක් ලොකුයි. ඒ නිසාම ඔයාට වඩා මේ හැමදෙයක්ම ගැන “අමාරුවක්” අපිට තියෙනවා. “ෆේස්බුක් සංවාද” වලට පැටලෙන්නෙ නැතුව ඉන්න උත්සාහ කළත් ඔයාල මේ මැදිහත්වෙන ආත්මවාදී, පුද්ගලවාදී ස්වභාවය වර්ධනය වෙන්න පුලුවන් තැනක් සහ මේ ප්‍රස්තූථ කාරණයටම ඒකෙන් වෙන්න පුලුවන් හානිය පේන නිසයි අකමැත්තෙන් වුණත් මේ කමෙන්ට් එක දාන්නෙ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, ඔයාල මේ කාරණයෙදිත් හැසිරෙන්න අර 2022 අරගලයෙදි වගේම තමයි. අවසාන ප්‍රතිඵලය ගැන කිසිදු වගවීමක් නැතිව Gohome විතරක් කියලා මේ රටට රනිල් වික්‍රමසිංහ කියල ජනාධිපති කෙනෙකුත් හදලා දීල, IMF ගිවිසුමකටත් යන පාරකට දාලයි ඒක ඉවරවුණේ. මේ ආණ්ඩුව හදන්න මුල්වුණු මේ රටේ මිනිස්සු ඒ කාලය පුරාමත් ඊට පස්සෙ යන්තම් අවුරුදු දෙකකුත් දඟලලා, මහන්සිවෙලා තමන්ගෙ ආණ්ඩුවක් හදලා ආයෙත් මේ රට ප්‍රකෘති තත්වෙට ගන්න පටන් ගත්ත මොහොතෙවත් අර වගේ “එන්ඩ් රිසල්ට්” එක ගැන හිතන්නෙ නැතුව ළඟ නමන එක පොඩ්ඩක් පාලනය කරගන්න කියල ඉල්ලන්න කැමතියි.

අවසාන වශයෙන් කිව්වොත් ආණ්ඩුව නෙමෙයි, මේ ක්‍රියාවලියේ තියෙන නීතිමය තත්වය, තාක්ෂණික කරුණු, වර්තමාන තත්වය වගේ කිසිවක් සලකන්නෙ නැතුව, කොහේ හරි ඉඳගෙන ෆේස්බුක් වීරයන් වෙන්න යන මිනිස්සු තමයි ඇත්තටම මේ ක්‍රියාවලිය හෑල්ලු කරන්නෙ.

කණගාටුයි!”

නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයට කසුන් පුස්සෙවෙල පිළිතුරු ලබාදී තිබුණේ පහත සඳහන් ආකාරයෙනි.

එසේම වත්මන් ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු වන හාන්ස් විජේසූරිය සම්බන්ධයෙන් කසුන් පුස්සෙවෙල පළ කළ සටහනකට ඉතාම පහත් මට්ටමින් ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර දිගින් දිගටම ඔහුගේ පෞද්ගලික තොරතුරු පවා උලුප්පමින් හාස්‍යයට සහ උපහාසයට ලක්කිරීමට උත්සාහ දරා තිබුණු අතර ජාජබ තවත් ප්‍රබලයකු වන කථිකාචාර්ය රමිඳු පෙරේරා ද ලක්මාලි හේමචන්ද්‍රට සහාය දෙමින් එහි අදහස් දක්වා තිබිණි. මෙකී ඝාතන ඇතුළු අපරාධවලට එරෙහිව පසුගිය දශක එකහමාරක් පමණ තිස්සේ මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිස් ගෙනගිය සටන හෑල්ලුවකට ලක්කිරීමට ද මොවුන් උත්සාහ දරා තිබෙනු දැකගත හැකිවිය.

මේ සියල්ලෙන් ඉහත කී මාලිමා මන්ත්‍රීවරුන් පෙන්වා තිබුණු උද්දච්ඡ මානසිකත්වය සහ අන්මත නොඉවසන ස්වභාවයත් මීට පෙර පැවති ආණ්ඩු විවේචනය කළත් වත්මන් ආණ්ඩුව යනු විවේචනය කළ නොහැකි සියල්ලට ඉහළින් පිහිටි යමක් යැයි හුවා දැක්වීමට දරණ උත්සාහයත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් රැසකගේ විවේචනයට, උපහාසයට සහ පිළිකුලට ලක්ව තිබෙනු ද දැකගත හැකිවිය. කසුන් වත්මන් ආණ්ඩුවට විරුද්ධ දේශපාලනයක නිරත වූ අයෙකු නොවන අතර ජාතික ජන බලවේගයේ බොහෝ අයගේ හිතවතෙකි. බලයෙන් මත්වූ නවක මන්ත්‍රීවරුන් මිතුරු පාර්ශ්ව හෝ හඳුනාගත නොහැකි මට්ටමට අන්ධ වී සිටීම ආණ්ඩුවකට කොහෙත්ම හිතකර තත්වයක් නොවේ. යම් හෙයකින් කසුන් ජාජබට එරෙහි දේශපාලනයක නිරත වූවෙකු වුවත් මේ නවක මන්ත්‍රීලාගේ ප්‍රවේශය හානි කරන්නේ ඔවුන්ගේ ආණ්ඩුවටම මිස අන් කිසිදු පාර්ශ්වයකට නොවේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan