සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 08,(LNW)කොළඹ :
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ක්‍රීඩාව සම්බන්ධයෙන් වන අවධානය හොඳටම අඩුය.ඔවුන් වැඩ කරන්නේ ශ්‍රී ලංකාවේ පවතින්නේ ක්‍රිකට් පමණක් බව සිතාය.ඒ නිසාම ක්‍රීඩාව පාර්ලිමේන්තුව අතරේ මාතෘකාවක්ව තැබෙන්නට අපි ක්‍රීඩා උපදේශක සභාව වැනි ව්‍යහුයක ක්‍රීඩාව සම්බන්ධව වගකියන අනුකමිටුවක් ජාතික මට්ටමෙන් ක්‍රීඩාව ගැන අදහස් දක්වන්න සහ තීරණ ගන්න පාර්ලිමේන්තුවට අවශ්‍යය බව කියන්නේ කාලයක සිටය.මේ එවැනි අදහස් දැක්වීමකි.→ https://bit.ly/40MjXyN
මේ අවශ්‍යයතාවය තදින් දැණුන මොහොතක් හේෂා විතානගේ මංත්‍රිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීමෙන් පැහැදිළි විය.ඔහු කාලයක සිට ක්‍රිකට් පරිපාලනය සමඟ ගැටෙමින් සිටින එහි හොඳක් නොදකින කෙනෙකි.සනත් ජයසූරිය පුහුණුකරු ධූරයට පැමිණීම රොෂාන් රණසිංහ සමඟ හැදුණු සංධානයේ අදහස් වෙනස් කරවන සුළුය.අයිසීසී තහනමක් වැටෙනකං රොෂාන්ට උපදෙස් දී අතුරු කමිටු සභාපති වී දින කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයේ පහස ලද අර්ජුන,පෙන්වා දෙන්න උත්සාහ කළේ සනත්ලා වැනි අයට ක්‍රිකට් හදන්නට හැකි බවය.එසේම පැමිණි සනත් දිනා දෙද්දී අලුත් මාතෘකාවකින් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ආරෝවක් පටන් ගන්න තැනක් හොයමින් සිටින හේෂා පන්නයේ අයට මේ මොහොතේ යළිත් පරාජය නිසා ජනප්‍රියත්වයෙන් පහළට වැටී තිබෙන ක්‍රිකට්වලට පහර දෙන්නට අවස්ථාවක් පෑදී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් වැටුප් ලබන නාම ලේඛණයක් ඔහු සභාගත කළේය.ඒ අය වැටුප් ලබන්නේ කුමන රැකියාවකටද?නැතිනම් ඒ අය ලබන වැටුප වැඩිද? එය පැහැදිළි නැත.මේ වන විට ක්‍රිඩාංගණ සේවකයෙකුගේ වැටුප ද 75.000 කට ආසන්න බව ඔවුන් පවසන්නේය.එය වැරදිද? මුදල් ගැවසෙන රැකියා ශ්‍රී ලංකා ක්‍රිකට් හී පැවතීම කාලයක සිට ප්‍රශ්න කරමින් ඇත.ඊට හේතුව කුමක්ද යන්න පැහැදිළි නැත.
හේෂා පවසන්නේ රටේ ක්‍රිකට් ගමට ගොස් නැති බවය.මේ මොහොතේ ඔහු නියෝජනය කරන දිස්ත්‍රික්කයෙන් පළමුවරට ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටියි.කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම ජාතික මට්ටමට පිවිසෙන්නට සූදානමින් ඇත.අති දුෂ්කර වතු සංස්කෘතිය තුළින් එන වේවැල්වත්තේ ශ්‍රියන්තිනම් වතු දෙමළ පරම්පරාවකින් පැවත එන්නිය ඊට කදිම නිදසුනක්ය.
මොණරාගල චමෝදි අවුරුදු 19 න් පහළ ලෝක කණ්ඩායමට ද තේරී ඇත.ඇය මොණරාගලය.හේෂා මන්ත්‍රීවරයා මේ ගැන අවධානයෙන් සිටිනවානම් චමෝදිගේ පාසලේ ක්‍රිකට් ක්‍රීඩා පිටිය විශාල කරන්නට නොහැකිය.ඊට හේතුව ලෙස කියැවෙන්නේ පාසලට අයත් ඉඩම් හේෂා මන්ත්‍රීතුමාගේ පක්ෂය නියෝජනය කරන පිරිස් මෙන්ම රාජපක්ෂ පාලනයේ සිටි පිරිස් ද අත්පත් කරගෙන සිටින බවට නැඟෙන චෝදනාය.ක්‍රිකට් වෙනුවෙන් එක මොහොතක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අයිති නැති,එහෙත් මහජන නියෝජිතයෙක් ලෙස සොයා බැලිය යුතු එම කරුණු ගැන අවධානය හේෂාවත්,පාර්ලිමේන්තුවේ සිටින ක්‍රිකට්වලට දොස් කියන වෙන මහජන නියෝජිතයෙක්වත් යොමු කර නැත.
කාන්තා ජාතික සංචිතයේ ද රත්නපුර ක්‍රීඩිකාවක් සිටින අතර මේ වන විට කාන්තා පිරිමි යන දෙ‘අංශයෙන්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩිකාවන්ට පිවිසෙන්නට ඉඩ සැකසී ඇති දිස්ත්‍රික්කයක,පාසල් ක්‍රිකට් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් යන ආධාර පිටතට ගලා යාමක් ද සිඳුවෙන බවට තොරතුරු ඇත.හේෂා මන්ත්‍රීවරයා ඊට මැදිහත් වී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් තමන්ගේ දිස්ත්‍රික්කයේ පාසල් වෙත ලැබෙන ආධාර නිසි පරිදි ඊට ලැබෙනවාද,වංචාවක් සිඳු වෙනවාද යන්න සොයා බලන්නේනම් වැදගත්ය.
අපේ විශ්වාසය අනුව ක්‍රීඩා පණත ප්‍රකාරව ක්‍රිකට් පරිපාලනය වුව ද,වෙනත් ක්‍රීඩා සංගමයකට හෝ සම්මේලනයකට නැති අනන්‍යතාවයක් ක්‍රිකට් පරිපාලනයට ඇත.ඒ සමාගම් පණත යටතේ ඇති වරප්‍රසාද සමඟය.ගෙවුණු කාලයේ රටේ පිළිකා ඖෂධවලට,ළමා හෘද සැත්කම්වලට මෙන්ම වෙනත් ක්‍රීඩාවන් රැසක කටයුතුවලට මුදල් වියදම් ලැබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින්ය.ඒ ආකාරයේ ක්‍රීඩා පරිපාලන කිහිපයක් මේ පොළවේ තිබේනම් ආණ්ඩුවලට එය පහසුවක් මිස අවසියක් නොවන අතර,මේ තත්ත්වයට වත්මන් පරිපාලනය යටතේ ක්‍රිකට් පැමිණ ඇත්තේ වැටුප් ගෙවා ගැනීමටවත් නොහැකි මට්ටමක සිට යන්නත් හේෂා මන්ත්‍රීවරයා දත යුතුය.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/1000046978.jpg)
ක්‍රිකට් තරගයක පරාජයට වගකීම ක්‍රිකට් පරිපාලනය වෙත එන්නේ කෙසේද?නුසුදුසු ක්‍රීඩකයින් කණ්ඩායමේ ඇද්ද?ඔවුන් කවුරුන්ද?ඔවුන් කණ්ඩායම නියෝජනය කරන්නේ පරිපාලනය විසින් කරන බලපැමක් මත ද?රටට පරාජය අවුලක්ය.ඒ පරාජයට පරිපාලනය සම්බන්ධ වන්නේ කෙසේද යන්න පැවසිය යුතුය.තේරීම් කමිටුව වගකියන්නේ ක්‍රිකට් පරිපාලනයට නොවන අතර එම තේරීම්වල අවසන් අත්සන තබන්නේ ද ක්‍රීඩා අමාත්‍යවරයාය.මේ කාරණය සෑම ක්‍රීඩාවකටම අදාළය.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/1000046980.jpg)
ඒ සියල්ල ක්‍රිකට් ගැන පමණක්ය.ඒත් පාර්ලිමේන්තුව විසින් වෙනත් ක්‍රීඩා ගැන නොසළකා හරින තත්ත්වය ඛේදයකි.පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගිවීම ද, ප්‍රමාණවත් තරම් ජාත්‍යන්තර තරග නියෝජනයට අවස්ථාව නොලැබුණු නිසා නොලද ශ්‍රී ලංකාවේ හෙල්ල වීසිකිරීමේ සූරයා වන රුමේෂ් තරංගට මේ මෑතකදීත් විදේශ තරගාවලියක් වීසා ප්‍රමාදයක් නිසා අහිමි වූ බව පාර්ලිමේන්තුවේ කියවුණේවත් නැත.ඔහු ආසන්නම ඔලිම්පික් පදක්කමක බලාපොරොත්තුවකි.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/1000046982.jpg)
මලල ක්‍රීඩාවේ විසා ගැටළුව ගැන පාර්ලිමේන්තුව බර තැබුවේ ඉතා අඩුවෙන්ය.ඔලිම්පික් නියෝජනයට සුදුසුකම් ලබා ගැනීමට බාර්බඩෝස් තරගාවලි නියෝජනයට අවස්ථාව නොලැබීම ඉන් ප්‍රධානය.මේ මෑත කාලයේ මැකෝවා හී තරගාවලියකට එරට වීසා ප්‍රතිපත්තිය නොසළකා ක්‍රීඩකයෙක්,ක්‍රීඩිකාවක් සහ පුහුණුකරුවෙක් පිටත් කර හැර ඔවුන්ට තරගයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් ඇති කළා පමණක් නොව,දේශසීමා උල්ලංඝණය කිරීමේ වරදකරුවන් සේ සළකා ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දක්වා ඔවුන් රැඟෙන ගිය කතාව සහ එම ක්‍රීඩකයන්ට පුහුණුකරුට කළ අසාධාරණය අපකීර්තිය හේෂලා වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේම කතා කළේවත් නැත.
නෙට්බෝල් නිලවරණය තවම පවත්වා නැත.එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසුරුවන ලද පාලනයේ සභාපතිනියම පහසුකම් සැපයීමට යැයි නම් කර තබාගෙන කරන්න ගිය නිලවරණයේ දී එය අත්හිටුවා නැවත පැවත්වීමට යෝජනා වුව ද,බාලගිරි දෝෂය මෙන් එය පවතින්නේය.එහි එක හේතුවක් වූයේ යාපනයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීමය.ඊට බලපෑවේ ඔවුන්ට දත්ත යැවීමේදී දෙමළ භාෂාවෙන් නොයවා ඔවුන්ට දැනුවත්ව අසාධාරණයක් කිරීමය.වැඩේට වගකිව යුතු නිලධාරීන් තවමත් නොසෙල් වී එතැනමය.
රාජපක්ෂලාගේ ව්‍යසන ගැන කතා කරන හේෂා මංත්‍රීවරයා ඔවුන් රගර් ක්‍රීඩාවට කරන ලද අනතුරු කතා කරන්නේම නැත.රාජපක්ෂ පුතුන්ව ජයග්‍රහණයෙන් පිනවන්න විදේශිකයන් යොදා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරවීම නිසා ජාත්‍යන්තරය ඉදිරියේ අත් වූ ලැජ්ජාව අපකීර්තිය සුළු පටු නැත.දඩය පවුම් 5000 කි.එය තවමත් වාරික වශයෙන් ගෙවමින් පවතියි.ඒ ගෙවන්නේ වසර ගණනක ලංකාවට ජාත්‍යන්තරයෙන් රගර් සංවර්ධනයට ලැබෙන ආධාර මුදලෙන්ය.ඒ තීරණ සියල්ලට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව පාර්ලිමේන්තුවේ කතාවක් ඇත්තේම නැත.
දැන් ඒ නිලධාරීන්ගේ කීර්තිය පිරිහී ඇති හෙයින් පවතින නිලවරණ ක්‍රමයේ දී ඒ අයට නැවත බලයට ඒමට නොහැකිය.ඒ නිසා ඡන්ද බලය හිමි පිරිස වෙනස් කර ඔවුන්ව බලයට ගේන්න මෙන්ම එම වැරදිකරුවන්ව ආසියාවේ උවමනාවට අතුරු කමිටුවට ගේන්නට ක්‍රීඩා අමාත්‍යංශය මඟින් යෝජනා කරන මට්ටමට ලංකාවේ රගර් ප්‍රශ්නය කුණු වී ජරා වී ඇත.හේතුව ආසියාවේ බලපෑම්ය.ආසියාව බලපැම් කරන්නේ ලංකාවෙන් දඩුවම් නොකළ සහ තවමත් දඩුවම් නොකරන වැරදි කළ නිලධාරි දැන් ආසියානු සභාපති හරහා බලතල ලබාගෙන සිටින බැවිනි.එහෙත් තවමත් දඩ මුදල ගෙවා අහවර නැත.වරද පිළුණු වී ඉවත දමන්නටද නොහැකිය.මේ සියලු සාක්ෂි රොෂාන් රණසිංහගේ සිට වත්මන් අමාත්‍යවරයා තෙක්ම,මේ මොහොතේත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාව සිටින ශෙමාල් ප්‍රනාන්දු අත ඇත.ඔහු රගර් තාවකාලිකව ඇති රගර් වගකීම ඒ වැරදිවලට දඩවම් දීම සඳහා අමාත්‍යවරු යොමු කිරීම වෙනුවට යොදා ගනිමින් සිටින්නේ ආසියානු සභාපතිට අවශ්‍යය විදිහට වැරදි කළ අයට බලය ලැබෙන පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කර දෙන්නටය.
අධිකරණයට වංගු දමමින් මේ වැඩේ පවතින ඡන්ද ක්‍රමයෙන් බලයට පත්වන පිරිසට ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා කර විසඳාගන්න නොදී,අපකීර්තිමත් පිරිසට ඒ ආකාරයෙන් බලය ලබා ගැනීමට නොහැකි වන බැවින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාම ව්‍යවස්තාව වෙනස් කිරීමේ වැඩේ නිලවරණයට පෙර කර දීමට මේ වන විට වසරක කාලයක් ද ඉල්ලා ඇත.මේ කිසිවක් පාර්ලිමේන්තුවේ සභා ගර්භයෙන් ඇතුළට එන්නේ නැත.හේෂලා දන්නේ නැතුව හෝ දැන නොදැන සිටිනවාද විය හැකිය.
කතා කරන්නේම ක්‍රිකට් ගැනය.හේෂාගේ ආසන්නයේම ඇති ගොඩකවෙල කුලරත්නයෙන් පැමිණ ශ්‍රී ලංකා වාර්තා තැබූ මීටර් 110 කඩුලු පැනීමේ සූරයා රොෂාන් රණතුංගගේ දක්ෂතා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට සරසවි අධ්‍යාපනයේදී ඇති වටපිටාව බලපැවේය.ඒ ගැන උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට,අමාත්‍යංශයට කරුනු දක්වා සරසවිය සමඟ සාකච්ඡා කළේ නම් රොෂාන් අදටත් එහි ජාතික වාර්තාලාභියාව ඉන්නට තිබිණ.මේ ආකාරයේ කාරණා වෙනුවට හේෂා ක්‍රිකට් ගැනම කතා කරන්නේ ඇයි ද යන්න සහ අනෙක් ක්‍රීඩාවන් හේෂා පමණක් නොව පාර්ලිමේන්තුවම අවධානයෙන් බැහැර කර තිබෙන්නේ ඇයි ද යන්න පිළිබඳව සිතා බැලිය යුතුය.
පල කන නිසා ටකය හොලවනවාද,වසා ඇති කුරුල්ලන් එලවා තමන්ගේ කුරුල්ලන් පිරිසක් ගසට කැඳවීම අරමුණ ද යන්න සැක සිතෙන්නේ අන් ක්‍රීඩාවලට වන දේවල් ඇසක්වත් ඇර නොබලන බැවිනි.ක්‍රිකට්වලත් වැරදිම ඉදිරිපත් කිරීම පමණක් කරන අතර ක්‍රිකට් වැඩ සැළසුම් යටතේ තමන්ගේ දිස්ත්‍රික්කයට ලැබෙන ආධාර හරියට බෙදී යනවාද යන්න හෝ ඒ වැඩ සටහන් යටතේ නැඟී එන සහ අවස්ථාව ලැබෙන ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැක ගැනීමේ සහ ආරක්ෂා කිරීමේ ක්‍රමයක් හදන්නට එම ප්‍රදේශයේ මහජන නියෝජිතයෙක් ලෙස හේෂාට ද හැකිය.
ඒ නිසා මේ මොහොතේ පාර්ලිමේන්තුව රටේ ක්‍රීඩාවටම වගකියන තැනක් කිරීමට උත්සාහ කරන්න.ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලබා දෙන පහසුකම් යටතේ අලුතින් ක්‍රිකට්වලට එන පාසල් ගණන සැළකිල්ලට ගන්න සහ ක්‍රිකට් ආධාර යටතේ හෝ අනෙකුත් ක්‍රීඩාවන් ද දියුණු කළ හැකිදැයි සහ ගම් මට්ටමෙන් තවමත් පහසුකම් නැති ක්‍රිඩාවේ දක්ෂයන්ට අතහිත දෙන වැඩ පිළිවෙලක් සකසන්නට උත්සාහ කරන්න.මේ ඉල්ලීම හේෂාට පමණක් නොව සමස්ත පාර්ලිමේන්තුවටමය.
කොළවල ලියැවි සුදුසුකම් මේ කාරණාවලට අත්‍යවශ්‍යය වන්නේනම් කුමන හෝ අමාත්‍ය ධූරයක් දැරීමට හෝ කමිටු වගකීමක් පාර්ලිමේන්තුවේ දැරිමටත් එම සුදුසුකම්ම අවශ්‍යය වන නීති රිති ද සම්පාදනය කළ යුතුය.මන්ද රටේ සමස්තය සම්බන්ධයෙන් තීරණ ගන්නා පුද්ගලයන්ටද එම තත්ත්වය අදාළ වන බැවිනි.එවැනි තත්ත්වයක් අවශ්‍යය වන්නේනම් මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි ජාතික ජන බලවේගයට පොතේ උගත්තු ලෙස,අත්දැකීම් නොමැති නිසා වැඩේ අනාගන්න බවට විපක්ෂය ගෙනෙන තර්කයද බල රහිත වන්නේය.
එක ඇඟිල්ලක් පෞද්ගලික විරෝධයක් පදනම් කරගෙන එය ජාතික අවශ්‍යයතාවයක් ලෙස පෙන්වන්නට දිගු කරද්දි ඇඟිළි පහක්ම තමන් දෙසට යොමුවීමේ අවදානමද සළකා,පක්ෂ පාට නොසළකා ක්‍රීඩාවේ ජාතික වගකිම වටහාගෙන රට පුරා විසිර සිටින සියලු ක්‍රීඩාවල දක්ෂයන්ට ලෝකය ජය ගැනීමේ මාවත සකසා දෙන්න වෙහෙසෙන පාර්ලිමේන්තුවක් ක්‍රීඩාවට අවශ්‍යය වන්නේය.ක්‍රීඩාවේදී දිනන්නේ පක්ෂ හෝ පාට නොව රටය.ඒ වගකීම ක්‍රීඩාව ගැන කරන අවංක ප්‍රකාශවල රැදී තිබීම වැදගත්ය.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/LNW-Newsroom-ad-at-the-bottom-Sin-15-1024x137-1-3-1.webp)