ඔව්, එය සිදුවෙමින් තිබේ ….!!

Date:

අපි එක අතකට දුප්පත් නැහැ. කොග්ගල – බියගම කලාපේ ඉඳල, ලංකාව පුරා ගුරුවරු ටික ඉඳල, පොදු ශිෂ්‍යයාගේ ඉඳල, කම්කරුවාගේ ඉඳල, තේ දල්ල කඩන අම්මා දක්වා එකට හිටගෙන අලුත් ලංකාවක් ගැන තවමත් සිහින මවනවා. තාමත් බලාපොරොත්තු වලින් අපි පොහොසත්. තාමත් හදවතේ පණ ගැහෙනවා.

ලංකාවෙන් එලියට ගිය හැම සහෝදර සහෝදරියක්මත් මේ සිද්ද වෙන දේ බලාගෙන ඇති. අපිට වැරදිලා ඇති. හැබැයි අපි බලාපොරොත්තු අත්හැරලා නැහැ. බලාපොරොත්තුව විසින් අපි හැමෝම එකට එකතු කරලා.

තාමත් හොඳ රටක් හොඳ අනාගතයක් ගැන මිනිස්සු සිහින දකිනවා. හැමෝම පාරට ඇවිල්ලා. වෙනසක් ඉල්ලනවා.

මේ සිහිනයම දැකපු ගොඩක් අය අද දවසේ අපි අතර නැහැ. හැබැයි එයාල මේ දේ කරන්න අනුරාගය ඉතිරි කරලා ගියා.

හෙමිට උණත් එය සිදුවෙමින් පවතිනවා. අනේ…ඔබ හිටියනම් ඒක බලන්න තිබුණා.

Yes..it is happening right now. You should have been here to witness it!

  • මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති මහනුවරට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා තත්ත්වය සහ ජනතාවට සහන සැලසීම...

තැන තැන හමුවන අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : නාවික හමුදා නිලධාරින්...

ඩී. එස්. ආදි සිසුවා අයර්ලන්තයෙන් කළ ඉල්ලීම මල් ඵල දරයි: යුරෝ ලක්ෂ 05ක ක්ෂණික ආධාරයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

දිට්වා පාඩුව ඩොලර් බිලියන දෙකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ...