මහවැලි ඊ කලාපයේ කුරුඳු වගාව ප්‍රචලිත කිරීමට පියවර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ (LNW):

මහවැලි ඊ කලාපයේ කුරුඳු වගාව ප්‍රචලිත කිරීම ආරම්භ වී ඇත. ඒ බෝග නිෂ්පාදනයේ දී ඇතිවන වන අලි හානි අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස බව සඳහන් වේ.

ඒ අනුව, මහවැලි ඊ කලාපයේ හෙට්ටිපොල විල්ගමුව කොට්ඨාස තුළ කුරුඳු දු වගාව ප්‍රචලිත කිරීමට පියවර ගෙන තිබෙන අතර, එම කාලපයේ පැවැත්වෙන පුනරුද සතියට සමගාමීව විල්ගමුව සහ හෙට්ටිපොල ප්‍රදේශවල සිටින ගොවීන් සිය දෙනෙකු තෝරාගෙන එක් අයෙකු සඳහා කුරුඳු පැල 900ක් මේ යටතේ ලබාදීමට නියමිතයි.

මහවැලි අධිකාරිය පවසන්නේ, කුරුඳු පැල ලක්ෂයක් නව ව්‍යාපෘතිය යටතේ වගා කිරීමට සැළසුම් කර තිබෙන අතර, මෙරට කුරුඳු සඳහා විදේශයන්හි ඉහළ ඉල්ලුමක් පැවතීම හේතුවෙන් මහවැලි ඊ කලාපයේ ගොවීන්ගේ ආර්ථිකය ද ශක්තිමත් කළ හැකි බවයි.

තවද, කුරුඳු වගාවට වන අලින්ගෙන් හානි සිදු නොවීම හේතුවෙන් ගැටලුවලින් තොරව වගාව සිදුකිරීමේ අවස්ථාව ගොවි ජනතාවට හිමිවන බව මහවැලි අධිකාරිය පෙන්වා දේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...