ඕනෙ කෙනෙකුට 200ට, 250ට වුණත් වී ගන්න පුළුවන්. මමත් හොඳ වන්නි බයියෙක් – ඇමති නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සාමාන්‍යයෙන් වී කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 117.70ක් විය යුතු වුවත් රජය තවත් රුපියල් දෙකයි ශත තිහකුත් එකතු කර ගොවි ජනතාවට රුපියල් 120ක මිලක් ගොවි ජනතාවට ලබාදී ඇති බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“වී කිලෝ එකක් වෙන්න ඕනෙකම තියෙන්නෙ රුපියල් 117.70 යි. අපි තවත් රුපියල් දෙකයි ශත තිහක් එකතු කරලා තියෙනවා, ගොවියා වී ටික වේලලා ගබඩාවට අරන් එන එකට රුපියල් 120 කළා. ඒ මිලට වැඩියෙන් කොහෙහරි ගොවි ජනතාවට වී විකුණන්න පුළුවන්කමක් තියෙනවා නම් විකුණන්න. ඒකට ඉඩකඩ දීලා තියෙනවා. ඕනෙ කෙනෙකුට වී කිලෝ එකක් රුපියල් 200 ට වුණත් ගන්න පුළුවන්, ප්‍රශ්නයක් නෑ. 250 ට වුණත් ගන්න පුළුවන්, ප්‍රශ්නයක් නෑ. හැබැයි හාල් දෙන්න ඕනෙ මිලක් තියෙනවා. ඒ මිල පනින්න බෑ”

ප්‍රශ්නය – ඔබතුමාට ලස්සන නමක් දාලා තියෙනවා “බුරම්පි” කියලා …

“ඒ ගම්වල ඉතින් ඉන්නවානෙ … ඇසිලින් අම්මලා ඉන්නවා, ජොසපින් අම්මලා ඉන්නවා, සියාතු මාමලා, බුරම්පි මාමලා, අප්පුහාමි මාමලා …. අනේ ඉතින් අපි වන්නි බයියොනෙ. මේ කතා කරන මමත් හොඳ වන්නි බයියෙක්. ඉතින් එහෙම කිව්වායි කියලා අපි කම්පනයට පත්වෙන්නෙ නෑ”

අමාත්‍ය නාමල් කරුණාරත්න මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...

Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW):  Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...