බණ්ඩාරවෙල නිවසකින් එතනෝල් සහ මත්පැන් තොගයක් අල්ලයි !

සටහන – රුවන් නෙළුගොල්ල

බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවසක තිබී මත්පැන් නිෂ්පාදනයට ගන්නා එතනෝල් ලීටර් 250ක් සහ බලපත්‍රයක් නොමැති රජයේ අනුමත මත්පැන් ලීටර් 50ක තොගයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බණ්ඩාරවෙල පොලිස් ස්ථානයට ලැබුණු දුරකථන ඇමතුමකට අදාළව බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (09) කළ වැටළීමකදී මෙම එතනෝල් සහ මත්පැන් තොගය සහ ඒවා ළඟතබාගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වරකාරොදවත්ත, වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.

මත්පැන් නිෂ්පාදනය සඳහා ගන්නා එතනෝල් සහ මෙම මත්පැන් තොගය මෙම පුද්ගලයාට ලැබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න...

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...