අදින් ඇරඹෙන ජනපති අනුරගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සංචාරය!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ (LNW):

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව, අද (10) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව අද සිට 13 වනදා දක්වා ජනාධිපතිවරයා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතව තිබේ. මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට නියමිත අතර එම සමුළුව ඇමතීමට ද නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොඩ් බින් සයිඩ් අල් නහියන් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එරට  උප ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා වන ශෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් හමුවීමට ද නියමිත බවයි.
 
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ ආණ්ඩු ප්‍රධානීන් සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත ඇති අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ, කෘත්‍රිම බුද්ධිය, බලශක්තිය, සංචාරක, මූල්‍ය සහ මාධ්‍ය යන අංශවල ලොව ප්‍රමුඛ පෙලේ ගෝලීය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ ද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...