ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට අධිකරණ අමාත්‍යංශයෙන් තීරණයක්!

Date:

කොළඹ LNW:ජාතික ජනබලවේගයේ ” පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණය කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි මූලික පියවරක් ලෙස විද්වත් කමිටුවක් පත් කිරීමට යෝජිත අතර එම කමිටුව පහත අංශ වලින් සමන්විත වනු ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

01.නීතිපතිවරයා හෝ නීතිපතිවරයා විසින් නම් කරන නියෝජිතයින් දෙදෙනෙක්
02.අධිකරණ අමාත්‍යංශයේ ලේකම්
03.අධිකරණ සේවයේ උක්ත විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු
04.ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා හෝ සභාපතිවරයා විසින් නම් කරන නියෝජිතයෙකු

යෝජිත ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් මූලික සැලසුම් සකස් කිරීමට නියමිතයි.

එම මූලික සංකල්ප පත්‍රිකාව කෙටුම්පත් කිරීමෙන් අනතුරුව මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් ලබාගැනීමට ද සැලසුම් අකර තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...